අභිනව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

0
4


අභිනව පාප් වහන්සේ ලෙස තේරී පත් වූ ශුද්ධෝත්තම දහ හතර වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. 

ඒ, සිය නිල x ගිණුමෙහි සටහනක් තබමින්. 

පාප් වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරණ අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවයි එහි සඳහන් කර ඇත්තේ. 

නව පාප් වහන්සේගේ නායකත්වය ලෝකවාසීන්ට බලාපොරොත්තුවක් සහ ආශ්වාදයක් ගෙන එනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here