අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණයන්ගේ අවසන් කටයුතු අද

0
3

ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබේ.

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉකුත් පෙබරවාරි 13වැනිදා සිය දිවි ගමනට සමු දුන්නේය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 92වැනි වියේ පසුවිය.

අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ තැන්පත් කෙරුණු අතර ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here