‘දිට්වා’ සුළි කුණාටුවෙන් මුළු රට ම මහා ව්‍යසනයකට ඇදවැටී මාස දෙකකට වැඩි කාලයක් ගෙවී ගොසින් ය. බොහෝ දෙනකු කි‍්‍රයා කරන්නේ ඒ වාගේ මහා ව්‍යසනයක් ගැන හාංකවිසියක්වත් මතක නැති ගණනට ය. මේ මහා ව්‍යසනයෙන් ජනතාව මුදාගෙන රට ගොඩනැ`ගීමට දියත් කළේ ලෝකය ම මවිතයට පත් කළ මෙහෙයුමක් බව කීම අතිශයෝක්තියක් නම් නොවේ. මේ අතර, මතකය වේදනා දෙමින්, නිරතුරුව පහුරු ගා දෙයක් කීවේ ය. ඒ නිසා ම ඒ දෙය සෙව්වෙමි.
1. ”අපි ඉස්සෙල්ලා ම අම්මායි, තාත්තායි, මායි, මල්ලියි, තව අක්කලා දෙන්නෙකුයි ගෙයි වහළේ උඩට නැඟගත්තා. ඊට පස්සේ හවස් වෙන කොට වහළයටත් උඩින් වතුර දැම්මා. ඒත්, අපි අම්මයි, තාත්තයි බදාගෙන එහෙම ම හිටියා. ඒ ඉන්න අතරේ තමයි, ගේ කඩාගෙන වැටුණේ. ඉතින්, අපි ඔක්කො ම ගහගෙන ගියා. මං ඒ ළඟ ම ගහක පැටළුණා. ඊට පස්සේ අත්තක් අල්ලාගෙන ඒකට නැඟ ගත්තා. අම්මලා, තාත්තලාට මොක ද වුණේ කියලා දැනගන්න බැරි වුණා. ඒ ගහේ හැම තැන ම සර්පයෝ ගොඩක් එතිලා හිටියා. මම භය හිතිලා කෑගැහැව්වා. ආයේ වතුරට පනින්ඩ හිතුණා. ඒත්, පැන්නේ නැතුව එහෙම ම හිටියා. එතකොට ම වගේ තමයි, අහස් යන්ත‍්‍රයක් වටේ කැරකුණේ. ඒ ගොල්ලෝ දැක්කා මා ඉන්නවා. දැකලා බේරාගෙන කොහාට ද ඈතකට එක්කන් ආවා. ඒ ගොල්ලො ඇහැව්වා, මල්ලි මේ ඉන්න දිහා දන්නවා ද කියා. මං නෑයි කිව්වා ම මල්ලි මේ ඉන්නේ කොළඹ කිව්වා.”
-77 වැනි පිටුවේ අන්තිම ඡේදය සහ 78 වැනි පිටුවේ මුල.
2. ”පොඩි හාමුදුරුවන්ට ඔහු කැඳවාගෙන ඒමේ බරපතළකම වැටහුණේ, අත්තනගල්ලට පැමිණි පසුව ය. බස් එකෙන් බහිනවාත් සමඟ ම ‘ෂාමි… බුදුෂාමි…’යි එක දිගට ම මරහඬ තළන ශබ්දයෙන් ඒ දෙමළ මිනිහා කෑගසන්නට විය. ඔහු වට කර ගත් සිංහලයෝ ඔහුට අඩන්තේට්ටම් කළහ. පොඩි හාමුදුරුවෝ පිරිස අතරට ගොස් තම පන්සලේ වැඩ කරන දෙමළ මිනිහා බව පවසා ඔහුව බේරා ගත්හ. ඉන් පසු හිරිහැර කිරීම නතර කළ ද, මිනිස්සු එක එක දේ කියන්නට වූහ. ‘අපේ සංගයියලාට දෙමළු සිවුර අස්සේ ගහගෙන හංග ගන්ඩ පුළුවනි. යාපනේට ගිහින් අපේ එවුන්ට මොක ද වෙන්නේ කියලා හොයන්ඩ බෑ. මේක වගේ ඒකත් කරපියව්කෝ මං කියන්නේ.’යි මදාවි සේතන් නමින් ප‍්‍රසිද්ධ තැනැත්තා පොඩි හාමුදුරුවන් ඊ ළඟට බස් එකට නඟින තුරු ම එකදිගට කියන්නට විය.”
– 99 වැනි පිටුවේ දෙවැනි ඡේදයේ මැද.
3. ”අනිත් ප‍්‍රශ්න මීටත් හපන් යැයි පොඩි හාමුදුරුවන්ට සිතිණි. මනුස්සයෙක් ද? කියලා අහයි. පුරුෂයෙක් ද කියලා අහයි, ඉතින් මේ දෙකට ම නැති අය මහණ වෙලා හිටියොත්, උපසම්පදා කරපුවා ම ඇති වැරැුද්ද මොකක් ද?
”යම් විදියකින් මහණ වෙලා සිටිය දී ම මොකක් හරි කරුමයකින් නපුංසකයෙක් වුණොත්, මොක ද කරන්නේ…? බැලූවා ම නම්, මේ වැඩ කරන ඔක්කො ම නපුංසකයෝ තමා.”
-112 වැනි පිටුවේ මැද ඡේද දෙකක්.
4. ”දිරා ගිය පැරැණි ගස්වල කොළ දැන් ගිලිහී ඇත. ගිනි අඟුරු වැනි රත් පැහැයෙන් බබළන මල් පලූ ඇති අභිනව ගස්වල ගෙඩි හැදීමට ආසන්න ය. ඒ ගස් පහන් සිළු වගේ බබළයි. ඒ පහන් සිළු නොනිමෙන සේ දැල්විය යුතු ය. දිවි පිදූ අපමණ වූ වීරයන්ගේ ලෙයින් පොහොර ලබා පිපී ඇති ගිනිහිරියා මල්වලින් දසත හමන්නේ අමුතු ම සුවඳකි. ඒ සුවඳ නොසිඳෙන සේ රඳවා තබාගත යුතු ය. සෘතු වෙහෙසකර වුවත්, දිගු ගමන් මඟට යාම සඳහා දැන් කාලය එළැඹ තිබේ. අල්පේශාඛ්‍යයෝත්, මහාශාඛ්‍යයෝත්, දෙපස මුහුණට මුහුණ ලා සිටිති. කාලය එළැඹ තිබේ.”
-167 වැනි පිටුවේ අන්තිම ඡේදය සහ 168 වැනි පිටුවේ මුල් ඡේදය.
මේ සටහන කියවන ඔබ දැන් ඕනෑවටත් වඩා කුතුහලයෙන් පරිපීඩිතව සිටින බව නො අනුමාන ය. ඒ නිසා මෙතෙක් නොකී රහස කියන්නම්. මේ උපුටා ගැනීම් කළේ ‘හේ සිද්ධාර්ථ නම් වෙයි’ නවකතාවෙන් ය. ඔව්. මේ සටහන කියවන බොහෝ දෙනකු මේ නවකතාව ගැන නොදන්නා බව ඇත්ත ය; එය සාධාරණ ය. මීට දශක පහකට ආසන්න අතීත කාලයේ පළ කරන ලද නවකතාවක් ය. කෝ. ආනන්ද හිමියන් ලියූ 1978 රාජ්‍ය සාහිත්‍ය සම්මානය අත් කර ගත් නවකතාව ය මේ.
දිට්වා සුළි කුණාටුව සහ මේ නවකතාව අතර තිබෙන සම්බන්ධය කුමක් දැයි පළමු උපුටා ගැනීමෙන් ම ඔබට පැහැදිලි වී ඇති බව නො අනුමාන ය.
පසුගිය 2025 වසර අවසානයේ මුළු රට ම ගොදුරු වූ මහා ව්‍යසනය ගැන ඇෙ`ග් හීගඩු පිපෙන චිත‍්‍රයක් මේ උපුටා ගැනීමෙන් දර්ශනය වන බව සැබෑ ය. 1978දී විශේෂයෙන් රජරට ප‍්‍රදේශයට දැඩිව බලපෑ සුළිසුළඟ සහ මහා ගංවතුර පිළිබඳව කෘතියේ විග‍්‍රහ කර තිබෙන්නේ ඒ ආකාරයට ය. එදා පැමිණි ඒ ව්‍යසනයෙන් ආපදාවට පත් ජනතාවට සහන සලසන්නට සිද්ධාර්ථ හිමි මූලික වී කි‍්‍රයා කළ අන්දම එහි පැහැදිලි කර තිබෙන්නේ ය. දානපතියන්ගෙන් ආධාර එක්රැස් කරගෙන ගොස් ආපදාවට පත් ජනතාවට බෙදා දෙන්න සිද්ධාර්ථ හිමියෝ කොතරම් කැප වී කි‍්‍රයා කළෝ ද යත්, අන්තිමේ දී උන් වහන්සේ දැඩි සේ රෝගාතුර වූහ.
මෙදා දිට්වා සුළි කුණාටුවට මුහුණ දුන් ජනතාවගේ ජීවිත යළි ගොඩනැ`ගීම සඳහා හිමිවරුන් සිය ගණනක් විසින් කරන ලද ‘මහා ශ‍්‍රමදානය’ පිළිබඳව ජනතාවට හරිහැටි අවබෝධයක් නොවී ය. සමාජ මාධ්‍යවල ඡුායාරූප සහිතව කෙටි විස්තර පළ වූවා මිස එම මහා ඓතිහාසික මෙහෙයුම ගැන නිසි අවධානය ඔවුහු යොමු නොකළහ. ‘හේ සිද්ධාර්ථ නම් වෙයි’ නවකතාව මතකයට නැ`ගුණේ මේ පසුබිම නිසා ය. ඉමහත් වෙහෙසක් දරමින් පොත සෙවීමි; එක හුස්මට කියවාගෙන ගොස් අවසන් කළෙමි.
අදට අතිශයින් ගැළපෙන පදනම් හතරක් මත මෙම කෘතිය ගොඩනැ`ගී තිබෙන බව පැහැදිලි විය. දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ මහා ව්‍යසනයෙන් රටත්, ජනතාවත් යළි ගොඩනැඟීමට භික්‍ෂුන් වහන්සේලා සිදු කළ ඓතිහාසික මහා මෙහෙයුම අදට අදාළ පදනමක් ය.
එදා 1977 මහා මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කර අවසන් වීමටත් පෙර දේශපාලන පළිගැනීම් දියත් කෙරිණි. මැර පිරිස් විරුද්ධවාදීන්ගේ නිවාසවලට ප‍්‍රහාර එල්ල කළෝ ය; දේපොළවලට ගිනි තැබූහ; මිනිස් ඝාතන දියත් කළහ. ඒ 1977 ජුලි මාසයේ ය. මේ උණුසුම මැකී යාමටත් පෙර අගෝස්තු මාසයේ දී ඔවුහු දෙමළ ජනතාවට එරෙහිව ම්ලේච්ඡ ජාතිවාදී ප‍්‍රහාර දියත් කළහ. එය ‘ජාති ආලය’ යනුවෙන් හඳුන්වා තිබිණි. 1981 සංවර්ධන සභා ඡන්ද කොල්ලයට අදාළ ජාතිවාදී ම්ලේච්ඡත්වය බොහෝ දෙනකුට මතක තිබුණ ද, 1977 අගෝස්තු මස මේ ජාතිවාදී ගිනි තැබීම් අමතක ය. 1981ට පසුව ලංකාව ලෝකයේ ම පිළිකුලට ලක් වූ 1983 ‘කළු ජූලිය’ දියත් කළහ. කෝ. ආනන්ද හිමියන් ‘හේ සිද්ධාර්ථ නම් වෙයි’ කෘතිය තුළ සංක්‍ෂිප්ත කර නිර්මාණාත්මකව දක්වා තිබෙන්නේ එදා 1977 අගෝස්තුවේ දියත් කරන ලද ජාතිවාදී දේශපාලන උමතුව පිළිබඳව ය.
එදා ඒ උමතුව දියත් කළෝ, එක්සත් ජාතික පක්‍ෂයේ ජේ.ආර් ජයවර්ධන ප‍්‍රමුඛ රාජ්‍ය නායකයන්ගේ අනුග‍්‍රහය ඇතිව එම පක්‍ෂයේ ත‍්‍රාඩ මදාවියෝ ය. මෙදා දිට්වා සුළි කුණාටුවෙන් ජනතාවත්, රටත් ගොඩනැඟීමට ගරුතර මහා සංඝරත්නය ඓතිහාසික මෙහෙයුමක නිරතව සිටින අතර, අනෙක් පැත්තෙන් චීවරධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලැබුවේ මොනවා ද? ත‍්‍රාඩ, මදාවි පාදඩයන්ට එකඑල්ලේ ඉස්මතු වී කි‍්‍රයාත්මක කළ නොහැකි ජාතිවාදී, ආගම්වාදී කලාපයේ ගිනි තැබීම්වලට උත්සාහ කිරීම ය. ති‍්‍රකුණාමලයේ ‘ජූස් බාර්’ නාටකයත්, යාපනයේ ‘තිස්ස විහාර’ නාටකයත් තුළින් සංකේතවත් කෙරෙන්නේ මේ ත‍්‍රාඩ, දේශපාලන උමතුව ය.
භික්‍ෂු ශාසනය තුළ වර්ධනය වී පැවැති අගතීන් පිළිබඳව විවෘතව ම ප‍්‍රශ්න කිරීම කොතරම් ප‍්‍රබලව පැවැතියේ ද යන්න ඊ ළඟ උපුටා ගැනීම ම`ගින් සංකේතවත් කෙරේ. ”බැලුවා ම නම්, මේ වැඩ කරන ඔක්කො ම නපුංසකයො තමා…” කොතරම් දැඩි ප‍්‍රශ්න කිරීමක් ද? අද අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල තුළින් දියත් කරනු ලැබ තිබූ කුමන්ත‍්‍රණය ‘සමරිසි’ කතාවක් දක්වා පාදඩ අන්තයකට හෙළී ය. පාර්ලිමේන්තුවට කර තිබෙන දේශපාලන පාදඩකරණය අවසන් කිරීමට ගන්නා කි‍්‍රයාමාර්ගවලට බිය වූ පිරිස සැ`ගවෙන්නේ ද ‘සමරිසි’ කතා තුළ ය. එදා භික්‍ෂු සමාජය තුළ පැවැති අගතීන් ප‍්‍රශ්න කර නිවැරැුදි කිරීමට අසමත් වීම දශක පහකට පසුව සමස්තය පාදඩකරණය කිරීම ආරක්‍ෂා කිරීම දක්වා අතු-ඉති විහිදමින් පැතිරී තිබේ.
මේ සියල්ල අවසන් කළ යුතු ය. ශී‍්‍ර ලංකාවට අහිමි කරන ලද සියවස දිනාගත හැක්කේ එමඟින් පමණි. ”දිවි පිදූ අපමණ වූ වීරයන්ගේ ලෙයින් පොහොර ලබා පිපී ඇති ගිනිසීරියා මල්වලින් දසත හමන්නේ අමුතු ම සුවඳකි.” මේ නව පුනරුද යුගයක් නිර්මාණය කිරීමේ ඓතිහාසික කාර්යභාරයක සුවඳ පැතිරී යාමක් ය. ‘දිට්වා’ ව්‍යසනය පරාජය කිරීමට භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගැනීමක් පමණක් නොවේ ය. මේ මොහොත හමුවේ ගොඩනැඟී තිබෙන මහමෙරක් තරම් සියලු ම අගතීන් අවසන් කර නව පුනරුද යුගයක් ගොඩනැඟීමේ ඓතිහාසික කි‍්‍රයාවලිය බාධක බිඳ ඉදිරියට යන යුගයක් ය. ‘හේ සිද්ධාර්ථ නම් වෙයි’ කෘතිය ඒ යුගය නිර්මාණය කිරීමට ධෛර්යය සපයන, අධිෂ්ඨානය සපයන අත්පොතක් බඳු ය.

4
Saru News










