“අපේ රටේ ජනතාව රට වෙනුවෙන් ඉදිරියට තැබූ පියවර අගලකින්වත් පසු පසට නොතබා එය ඉදිරියට ගෙන යන බවට මා තුළ විශාල විශ්වාසයක් තිබෙනවා” – ජනපති අනුර

0
14


රෂිකා හෙන්නායක අප්‍රේල් 08 කොළඹ LNW :

” භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වූවත් ඊට මුහුණදීමට අපි සූදානම්” යැයි ජය නියතයි ගම අපිටයි ගාල්ල ජන රැළීයට ඊයේ (07) දින එක්වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔවුන් රට භාරගන්නා විට ආර්ථිකය ඉතාමත් අසීරු තැනක පැවතුණ බවත්, නමුත් රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ස්ථාවර මට්ටමකට ගෙන ඒමට මේවන විට සමත් වූ බවත් පැවසීය. රට තුළ ආර්ථික ස්ථාවර භාවය ඇති නොකර අපිට කිසිවක් කිරීමට නොහැකි බවත්, ඒ නිසා පළමු ප්‍රයත්නය වුනේ ආර්ථික ස්ථාවරභාවය අති කිරීම බවති කී ජනාධිපතිවරයා, අද රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වයේ සංඥා බොහොමයක් තිබෙන බවත්, පසුගිය දෙසැම්බර් 21 වන දින ණය ප්‍රතිව්‍යුහගතකරණ වැසටහන මුළුමනින්ම අවසන් කළ බවද කීවේය. ඒ සමගම නිල වශයෙන් රට බංකොලොත්භාවයෙන් නිදහස් වූ බවත්, ඒ සමගම අතරමඟ නැවතී තිබු විදෙස් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබුණු බවද කියා සිටියේය.

වැඩිදුර අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

” පසුගිය සැප්තැම්බර් 21 දින අපේ රටේ එතෙක් තිබූ දේශපාලන ගමනමග වෙනස් කරමින් ජනතාව සුවිශේෂී දේශපාලන තින්දුවක් ගනු ලැබුවා. එය පැරණි අසාර්ථක දේශපාලන කඳවුරු පරාජයට පත් කර පොදු ජනතාව අතට බලය මාරු කරන තින්දුවක්. ඉන් පසුව එම ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට තවත් සුවිශේෂි ජයග්‍රහණයක් ලබා දුන්නා.

ඒ වගේම මැයි මාසයේ 06 වෙනිදා පළාත්පාලන මැතිවරණය පැවැත්වෙනවා. මෙම මැතිවරණය පැවැත්වීමට යෙදී තිබුණේ 2023 මාර්තු මාසයේදී. නමුත් පැවති රජය මෙම මැතිවරණය කල් දැමුවා. එදා මැතිවරණය කල් දමන විට අපි ජනතාවට ප්‍රකාශ කළා කුඩා ඡන්දය කල් දැමුවට ලොකුම ඡන්දයෙන් අපි ජයග්‍රහණය කරනවා කියලා. එය සත්‍යයක් කරමින් අපි මෙරට දේශපාලනය මුළුමනින්ම හැරවුමකට ලක් කළා.

ඉන්පසුව මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා යම් කරුණු කිහිපයක් සම්පූර්ණ කිරීමට සිදුව තිබුණා. මීට පෙර ලබාගත් නාම යෝජනා පත්‍ර අවලංගු කිරීම, පසුව සම්මත කරගෙන තිබු තරුණ නියෝජනය ඇති කිරීමට පාර්ලිමේන්තුවේ අලුතින් පනතක් සම්මත කර ගැනීම කළ යුතුව තිබුණා. මැතිවරණය ඉක්මණින් පැවැත්වීම සඳහා අපේ ආණ්ඩුවේ පළමු සංශෝධන පනත ලෙස පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කළා. ඉන්පසුව මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එම පනත සම්මත කළ දිනයේ සිට ගත් විට අප්‍රේල් 06, 07 වන විට මැතිවරණ පැවැත්වීමට හැකියාව තිබුණා.

අපට අවශ්‍ය කර තිබුණේත් අලුත් අවුරුද්දට පෙර මැතිවරණය පැවැත්වීමටයි. නමුත් විපක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා මැතිවරණය කල් දාන්න කියලා. ඒ අනුව මැතිවරණය මැයි 06 දිනට කල් ගියා.

නමුත් අප පනත සම්මත කර දුන් අන්දමට මැතිවරණ කොමිසම කටයුතු කළානම් අද වන විට පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන්. අපට අවශ්‍ය තවදුරටත් මැතිවරණ පවත්වමින් සිටීමට නොවෙයි, අපි විශාල මුදලක් දිස්ත්‍රික් මට්ටමින් ලබාදී තිබෙනවා. අපි දෙසැම්බර් 31 වන දිනට පෙර එම මුදල්වලින් වැඩ කළයුතුයි. දැන් මැයි 06වන දින දක්වා එම කටයුතු ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා. නමුත් විපක්ෂය මතක තබාගත යුතුයි මැතිවරණය කල් යාමත් සමඟ ඔවුන්ට දේශපාලන වශයෙන් අසීරු තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව.

ලංකා ඉතිහාසයේ දේශපාලනයේ මෙම මැතිවරණයේදී තරම් පැහැදිළි බෙදීමක් කිසිදිනක සිදුව නැහැ. අද රටේ දේශපාලනය ඉතාමත් තීව්‍රර ලෙස කඳවුරු දෙකකට බෙදී තිබෙනවා. එම කඳවුරු දෙක වන්නේ ජාතික ජනබලවේගය නියෝජනය කරන අපේ ආණ්ඩුව සහ තැන තැන එකතුවී තිබෙන සුන් බුන් ගොඩක්. ඔවුන්ගේ මැතිවරණ වේදිකාව, පාර්ලිමේන්තු ආමන්ත්‍රණය, පාර්ලිමේන්තුවෙන් පිට කියන කතා දෙස බැලූ විට සියලුදෙනාගේම ප්‍රතිවිරෝධය ජාතික ජන බලවේගයට එරෙහි බව තේරෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here