රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW :
මේ රටේ වෛද්‍යවරුන්ට හා වෘත්තිකයින්ට ඇහුම්කම් දෙන්න -නාමල් රාජපක්ෂ පවසයි.
වෛද්‍යවරුන්ගේ හෝ මේ රටේ වෘත්තිකයන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුව තමන්ට කැබ් පදින්නම් ගේනවා.හැබැයි ඒක ගේන්නෙත් ණයට.හැබැයි ණයට ගෙනල්ලා යුද්දේ ඉවර කරපු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අයත් උපකරණ පෙන්වන්න ලැජ්ජයි.හැබැයි කැබ් එක ණයට අරන් පදින්න ලැජ්ජ නෑ.ඉතින් ආණ්ඩුවෙනුත් මම කියන්නේ කරුණාකරලා රටේ රෝගීන් ගැන හිතන්න සාමාන්‍ය ජනතාව රජයේ රෝහල්වලට ගිහිල්ලා අසරණ වෙලා ඉන්නවා දුක් විඳිනවා. එදා අපිට බැන්නනෙ දැන් ඉතින් පුළුවන් මේ කැබ් ගේන එක පැත්තකින් තියලා ඒ මුදල් ටික සෞඛ්‍ය ක්ෂේත්රයට දාලා ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් ටික සලසා දෙන්න සහ ඒ වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් තියෙනවනම් ඒවට ඇහුම්කන් දෙන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණි ඇතයිද පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
“අපි පැහැදිලිවම වෙනදා වගේම ගම් මට්ටමින් අපේ පක්ෂය ශක්තිමත් කරමින් යනවා.අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා. මං හිතන්නේ ඉදිරිකාල සීමාව තුළත් අපේ දේශපාලන බලවේගය විශ්වාස කරමින් විශාල පිරිසක් අපි එක්ක අත්වැල් බැඳගන්නවා.ඉතිං අපි ගම්මට්ටමෙන් අපේ දේශපාලනය කරනවා.
අපි ශාඛා සමිති ටික හදන්න පටන් ගන්නවා.ඉතින් ඒ වගේම අලුත් පිරිසක් පක්ෂය එක්ක එකතු වෙලා ඉන්නවා තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා ඉතින් ඒ අතර දක්ෂ පිරිසක් ඉන්නවා.දේශපාලනය දන්න බිම අඳුරන ඇත්ත කතා කරන බොරු කියන්නෙ නැති පුලුවන් තරම් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන උත්තර හොයන්න පුළුවන් ප්‍රායෝගික පිරිසක් අපි එක්ක ඉන්නවා.සියලු කාරණා තීන්දු කරන්න වෙන්නේ මැතිවරණය අනුව.ඒ අනුව අපි පක්ෂයක් විදියට දෙපයෙන් හිටගන්න පුළුවන් පක්ෂයක් විදියට අපි ගොඩනැගෙමින් ඉන්නවා.ඉතින් ඒ අනුව අපේ ඉදිරි මැතිවරණය වලදී බලමු අපේ පක්ෂය වගේම මැතිවරණයේදී ඉදිරිපත් වෙන්න ඕන කාරණය ඒක අද තීරණය කළ යුතු කාරණයක් නොවෙයි.
කවුරුවත් අපිට ආරාධනා කරලත් නෑ අපිට කාත් එක්කවත් එකතු වෙන්න මේ අවස්ථාවේ අවශ්‍යතාවයකුත් නෑ මොකද ඡන්දයක් නෑ.
Saru News








