අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

0
10

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේය.

”අපි දැන් වැඩ කරන්නේ අකුලපු රාජ්‍ය දිගහරින එක. එතකොට ඉල්ලීමකුත් නැතුව වැටුප් වැඩි කරනවා. රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නවා. අපිට උවමනා රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කිරීම. පෞද්ගලික අංශය දිහාම බලන් ඉන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ අපට වෙන්වෙලා තියෙන ප්‍රතිපාදන 90%ක් වත් වියදම් කරන්න. සමාජවාදය කියන්නේ 100%ක්ම රජය. දැන් අපි කරමින් යන්නේ රජයේ පංගුව වැඩි කරගෙන යන එක. පෞද්ගලික අංශයත් එක්ක තරඟකාරීත්වයක් ගේන්න. මම මේ කතා කරන්නේ දේශපාලන ආර්ථික විද්‍යාව. අපි ඉලක්ක පසුපස හඹා ගියොත් අපිට පුළුවන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න.”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) ඉඩම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති 2027 වර්ෂය වෙනුවෙන් අයවැය සඳහා සූදානම් වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළ සියලු ආයතනවල නිලධාරීන් සහභාගී වී තිබුණි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ආයතන ලබාගන්නා ප්‍රගතිය අනුව එහි ප්‍රතිලාභ සේවකයින්ට මෙන්ම සම්පත්දායකයින්ට හිමිවන බවයි.

මේ වන විට මිල්කෝ ආයතනය ලාභ ලබන තැනට පත්ව තිබෙන අතර සියලුම සේවකයින්ට බෝනස් මුදලක්ද ලබා දුන් බවත් ඉදිරියේදී කිරි සපයන ගොවීන්ටද බෝනස් මුදලක් ලබා දන බව අමාත්‍යවරයා කියාසිටියේය.

“අපි 2026 වර්ෂයේ ඉලක්ක සපුරා ගන්න ගමන් 2027 වර්ෂය සඳහා සූදානම් විය යුතුයි. 2025 ගත්තොත් අපේ භෞතික ප්‍රගතිය 64%යි. මූල්‍ය ප්‍රගතිය 61%යි. අපිට ගිය අවුරුද්දේ මැයිවල ඉඳන් වගේ තමයි වැඩ කරන්න පටන්ගන්න පුළුවන් වුණේ. ඒ නිසා ලබාගත්ත ප්‍රගතිය සැලකිය යුතු ජයග්‍රහණයක්. ඊට කැපවීම් කළ සියලු නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා. අපේ අමාත්‍යාංශයට අදාළ ආයතන 30ක් තියෙනවා. අපි ඉදිරියේදී එක් එක් ආයතනවලට වෙන වෙනම ගිහින් මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here