අප්‍රේල් අවුරුදු දින දෙක තුළ බීමත් රියදුරන් 800ක් අල්ලයි

0
17


අලුත් අවුරුදු දින 2ක තුළ පමණක් බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, අප්‍රේල් 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම්වල දී පමණක් මෙම වැරදිකරුවන් හඳුනාගත් බවයි.

අලුත් අවුරුදු නිවාඩු දෙදිනෙහි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමට ද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.

එහිදි අත්අඩංගුවට ගත් බීමත්ව රිය පැදවු පුද්ගලයන් 800 දෙනෙකු එරෙහිව එලෙස නඩු පැවරීමට කටයුතු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව, නැවතත් කොළඹට පැමිණිම හේතුවෙන් ඉදිරි දිනවල දී මාර්ගවල වාහන සංඛ්‍යාව වැඩි විය හැකි බව ද බුද්ධික මනතුංග මහතා පෙන්වා දුන්නා.

එබැවින්, අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනයෙන් වළකින්නැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here