
අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. මෙම නිවේදනයට අනුව, අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට කිසිදු නිල ප්‍රකාශයක් මේ දක්වා රජය විසින් නිකුත් කර නොමැති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම තොරතුරු ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව තහවුරු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (අප්‍රේල් 10) දින පාර්ලිමේන්තුවේදී මෙම කරුණ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් විමසීමක් සිදු කරන ලදී. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්
තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
මහාචාර්ය චන්දන අබේරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, “ඒ සතියේ සිකුරාදත් නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත්වෙලා තියෙනවා මහ සිකුරාදා දිනය. ඒ නිසා වැඩ කරන දවස් තුනයි තියෙන්නේ. අපි තාම තීරණයක් අරගෙන නැහැ මේ දවසේ නිවාඩු දවසක් බවට පත් කරනවද කියන එක. ඔබතුමා ඉදිරිපත් කරපු කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරන්න කැමතියි. නමුත් තාම එබඳු තීරණයක් අරගෙන නැහැ” යනුවෙනි.
මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ අප්‍රේල් මස 15 වැනි දින (සඳුදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රජය විසින් තවමත් නිල තීරණයක් ගෙන නොමැති බවයි.

Saru FM Media