
ආන්දෝලනයක් ඇතිකරමින් ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු නමැති 5 ශිෂ්‍යත්ව ගුරුවරිය තරුණයෙකුට පහරදුන් සිදුවීමට තවම සාධාරණයක් ඉටුවී නැතියි කියමින් පහර කෑ තරුණයාගේ මව හා ඥාතීන් එක්ව අද (16) මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. සමාජ මාධ්‍ය පණිවිඩයක් යැවූ බව කියන තරුණයාගේ අක්කා සහ තරුණයාගේ මව මෙහදි අදහස් දක්වා තිබුණි.
එහිදී පළවූ අදහස් පහත පරිදිය.
තරුණයාගේ මව ධම්මිකා අගලවත්ත එහිදී මෙසේ කීවාය
“මගේ පුතාට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. හර්ෂිකා ප්‍රනාන්දු කියන ටීචර් අම්මා තමයි මේකට සම්පූර්ණ මැදිහත් වෙලා තියෙන්නේ. එදා සිද්ධිය මෙන්ම මේ හිරකරගෙන ඉඳලා ඉඳලා මං උසාවි නියෝගය මත දිග ඇරියා. හැමෝටම දැනගන්න අද මට කියන්න තියෙන්නේ මගේ දරුවාට යුක්තිය ඉටු වුණේ නෑ, සාධාරණයක් ඉටු වුණේ නෑ,”
ඇය වැඩිදුරටත් පැවසුවේ පුතා දැනට රෝහල්ගත කර ඇති බවත්, මීගමුව රෝහලෙන් පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවූ බැවින් රාගම රෝහලට මාරු කළ බවත්ය. අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මත තරුණයා කොළඹ ජාතික රෝහලේ 33 වාට්ටුවට මාරු කර ඇති බවයි.
පසුගිය දාහතර වැනිදා පැවති උසාවි නඩු විභාගයේදී, චෝදනා ලැබූ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් රැසක් පෙනී සිටි බව අගලවත්ත මහත්මිය කීය. පීඩිතයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා ඇතුළු නීතිඥවරුන් පෙනී සිටියහ.
“පොලිසියේ විරුද්ධතාවය මත, ඒ කියන්නෙ ඒ නීති, මේ හැමදෙයක් හැම අතකින්ම කරුණු කාරණා ඉදිරිපත් කරලා තියෙද්දී, පොලිසිය ගේ අකැමැත්ත උඩ මේගොල්ලන්ට ඇප දෙන්න එපා කියලා කියද්දිත්, මේ නීතිඥ තුමාලගේ මැදිහත් වීම, කරුණු කාරණා සාධාරණ ඔප්පු කරන්න කරුණු සහ කාරණා ඉදිරිපත් කරලා තියෙද්දිත් මේ ඇප ලබාදුන්නා. කාටද? ටීචර් අම්මට,” යයි ඇය ප්‍රකාශ කළාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයින් දෙන්නෙක් ඔහුගේ පුතාට පහර දුන් බවත්, මෙම පාර්ශ්වයන්ට එරෙහිව වෙනත් නඩුවක්ද ගොනු කර ඇති බවත්ය. “චානක විශ්වජිත් සහ ටීචර් අම්මා හයේසිකා ප්‍රනාන්දු ගැහුවෙ ඒ දෙන්නත් එක්ක. අර නඩුව සම්බන්ධව ඒ ටීචර් අම්මට සහ විශ්ව චානක සජිත් ඇතුළු කට්ටිය වරද තියෙද්දිත්, ඒ නඩු සම්බන්ධ නඩුවට නඩුවක් ෆයිල් වෙලා තියෙද්දිත්, ඒ දෙන්නට නඩුවක් ෆයිල් වෙලා තියෙද්දිත් මගේ පුතාට එදා මේගොල්ලන්ගේ නීතිඥතුමා ඇප ලබා දුන්න,” යයි ඇය පැවසුවාය.
ඇය පැවසූ පරිදි, දාහතර වැනිදා උසාවි නියෝගයෙන් පසු, හවස හය පමණ වන විට චෝදනා ලැබූ පාර්ශ්වයන් නිදහස් කර පුතා අත්අඩංගුවට ගෙන ඇත. “ඒ ගොල්ලෝ ගෙදර යවලා මගේ පුතා ඇරෙස්ට් කරලා. පැය විසි හතරයි මම දන්න විදිහට ඇරෙස්ට් කරලා තියාගන්න පුළුවන්. නමුත් දැන් පැය 36 ටත් වඩා කාලයක් ගතවෙලා තියෙනවා. කොහොමද එතකොට තාමත් අත්අඩංගුවේ ඉන්නේ?” යයි ඇය විමසීය.
“අපි ඒකට කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබුණා. මොකක්ද? කැමරා වලින් සීසීටීවී කැමරා ඉදිරිපත් කරන්න තිබුණා. ඩී වී ආර් එක පෙන්නලා නෑ. එතකොට වීඩියෝ කරපු, පුතාට ගහන්න වීඩියෝ කරපු ඒවා ඉදිරිපත් කරලා නෑ,” යයි ඇය කීය.
අගලවත්ත මහත්මිය සිය පුතාගේ අනාගතය ගැන සැලකිලිමත් වන බව පැවසුවාය. “පුතාගේ අනාගතය සම්බන්ධ ප්‍රශ්නයක් මේක. පුතා සමහරවිට බෙලහීනතාවයට පත් වෙන්න පුළුවන්. ඇයි මේ ගැන අපිට සාධාරණයක් ඉටු කෙරෙන්නේ නැත්තේ?” යයි ඇය විමසීය.
තවද, සිද්ධිය සම්බන්ධයෙන් නිර්නාමික තර්ජන ලැබෙන බවද ඇය පැවසීය. “තර්ජනත් තිබුනා. නිර්නාමික කෝල් එනවා. පුතාට අපි අපේ පුතාට යුක්තිය ඉටු කරලා දෙන්න, සාධාරණයක් කරලා දෙන්න. මගේ පුතාට එහි කාර්යයන්ට දඬුවම් දීල, වීඩියෝ එකේ ඒවා පෙන්නලා, මගේ පුතා නිර්දෝෂයි කියලා මට ඔප්පු කර ගන්න ඕන.”
පීඩිතයාගේ වැඩිමහල් සහෝදරිය වන ෂයිනි මහත්මිය පැවසුවේ, “අපිට මේ වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න තමයි අපි මාධ්‍යයට මේ මාධ්‍ය කැඳවීම සිද්ධ කළේ. අපි ස්වාධීන විදිහට මේ තීරණය අරගෙන අවසානයේ අපි තීරණය කළා. අපිට එන්න තියෙන එකම තැන මාධ්‍ය විතරයි.”
ඇය වැඩිදුරටත් පැවසුවේ පවුල ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යන සියලු ආයතන වෙත ගොස් සිය ගැටලුව ඉදිරිපත් කර ඇති බවයි.
“මල්ලි මේ වෙනකොට තාමත් හොස්පිට්ල් එකේ ඉන්නේ, රාගම හොස්පිටල් එකෙන් ඊයේ හවස මල්ලිව කොළඹට යවලා තියෙන, කොළඹ ජෙනරල් හොස්පිටල් එකට යවලා තියෙනවා,” යයි ඇය පැවසීය.
සහෝදරිය පැවසූ පරිදි, ඇගේ සහෝදරයාට ලිංගික අතවරයක් සම්බන්ධයෙන් අභූත චෝදනාවක් එල්ල කර ඇත. “දැන් එයාලා අපේ මල්ලිට මෙම අභූත චෝදනාවක් කරනවා. මල්ලි ගෑනු ළමයෙකුට කරදර කළා කියල. මේ අපිට ඒගොල්ලො කියන විදිහට මේ අපේ මල්ලි මේ මවුස් එකට අත තියන්න ගිහිල්ලා ඒ අපේ මල්ලිට කියලා තමා මේක පුහුණු කරන්න කියලා තියෙන්නේ. ඒ ගෑණු ළමයට පුහුණු කරන්නට අපේ මල්ලි අත තිබ්බ කියන කාරණාව තමා මේ අතවර කිරීමට තැත්කිරීම වගේ දෙයක් කියන චෝදනාව. නමුත් එක අභූත චෝදනාවක්.”
ඇය තවදුරටත් පැවසුවේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට සාක්ෂි ඇති බවයි. “ඒක ඔප්පු කරන්න සීසීටීවී තියෙනවා. ඒ කාමරයේ සීසීටීවී එකක් නෙමේ, දෙකක් තියෙනවා. කරුණු කාරණා ඉදිරිපත් කරන්න ඉල්ලලා තියෙන, අධිකරණයෙන් නියෝග කර සීසීටීවී දර්ශන ලබාදෙන්න, ඩී වී ආර් එක ලබාදෙන්න නියෝග කරලා තියෙන්නේ.”
“අපිට තියෙන්නේ අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. යන්න පුළුවන් ඉහළම තැන් හැම තැනටම ගිහිල්ලා තියෙනවා. මල්ලි වෙනුවෙන් කතාකරන්න පුළුවන් හැමෝටම අපි කතා කරලා තියෙනවා,” යයි ෂයිනි මහත්මිය පැවසීය.
ඇය මෙම කාරණය සැලසුම්සහගත අපරාධයක් ලෙස හඳුන්වමින්, “ඇත්ත කතාව කියන්නේ මේක හරිම පැහැදිලිව සැලසුම්සහගතව කරපු අපරාධයක්. මල්ලිට ගහල, මල්ලිව පොලිසියට ගිහින් දාල, මල්ලිට අර ඒගොල්ලො ගහපු චෝදනාවෙන් ගැලවෙන්න, මල්ලිට මේ ගැහැණු ළමුන් අතර කළා කියන චෝදනාව ගොනු කරලා. එහෙම ඒ විදිහට මල්ලිව අපරාධකාරයෙක් ගානට දාල තියෙන. දැන් ඇත්තටම මල්ලි තමා වින්දිතයා. අපි වින්දිතයෝ. මල්ලි වින්දිතයා වෙලා මල්ලිව දැන් අපරාධකාර ගානට දාල ඉවර,” යයි ඇය පැවසීය.
පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කර සිටියේ, දැනට අවුරුදු 21ක් වන තරුණයාගේ අනාගතයට මෙම සිදුවීම බරපතල බලපෑමක් ඇති කරන බවයි. “මගේ මල්ලි අවුරුදු විසි එකයි. එයා ජීවිතයට කැළලක්. එයා ලිංගික බෙලහීනතාවයට පත් වුනොත් මොකද කරන්නේ?”
පවුල ඉල්ලා සිටියේ සර්ව සාධාරණ විමර්ශනයක් පවත්වා සියලු සාක්ෂි සලකා බලා, ඔවුන්ගේ සහෝදරයාට නීතිය ඉදිරියේ සාධාරණත්වය සැලසෙන ලෙසයි. “මල්ලිට මෙම චෝදනාව දාපු එක වැරදියි. අභූත චෝදනාවක් එක අයින් වෙන්න ඕන, ඒක බොරුවක්. ඊට අමතරව ඒකට අදාල සියළුම විමර්ශන කටයුතු සර්ව සාධාරණ විදිහට කරන්න. එහෙම කරාම මේ කරුණු කාරණා මොකක්ද ඇත්ත, මොකක්ද බොරුව, කෙනෙකුට පැහැදිළිව තේරේවි,” යයි ෂයිනි මහත්මිය අවසන් වශයෙන් ප්‍රකාශ කළාය.
Saru FM Media