අනුරගේ අයවැය කතාව හදලා තියෙන්නේ එක්කෝ ප්‍රශ්නවලට උත්තර නැතිව! එහෙමත් නැතිනම් උත්තර දන්නෙ නැතිව! විදේශ ණය ගැන විවාද තියන්න කලින් විදේශ ණය ගැන විපක්ෂය අහපු ප්‍රශ්නවලට කල් ඉල්ලන්නේ නැතිව උත්තර දීලා ඉන්න! VIDEO I Sri Lanka Latest News

0
4


පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුවට අනුව මැතිවරණ පොරොන්දුවක් ලෙස විකල්ප ණය තිරසරකරණයක් කරා යනවා කිව්වත් ඒ පොරොන්දු කඩ කර ඇති බවත් ජන වරමට ගරු කරනවා නම් නව ගිවිසුමකට යා යුතු වුවත් රජය ඒ පියවර නොගෙන පැරණි ගිවිසුමම අනුගමනය කරන බවත් මේ නිසා විදුලි බිල පවා 18%කින් වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී 1956 අංක 29 දරණ විදේශීය ණය පනත ඉවත් කිරිම සදහා වූ පනත් කෙටුම්පත් විවාදයේ දීය.

පාර්ලිමේන්තුවට විදේශ ණය ගැන පනතක් ඉදිරිපත් කරන්නට පෙර විදේශ ණය, අයිඑම්එෆ් ගිවිසුම, ද්විපාර්ශ්වික හා ජාත්‍යන්තර සෛරී ණය හිමිකරුවන් ගැන, ගෙවිය යුතු ණය හා කාලවකවානු ආදිය මෙන්ම ණය ගිවිසුම්වලට එකගවීමේ දී ඇති කර ගත් කොන්දේසි, 2028 ණය ගෙවන්න නම් සපුරා ගත යුතු ඉලක්ක ආදිය ගැනත් ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු බවත් මේ ගැන අද පාර්ලිමේන්තුවේ තමා ප්‍රශ්න කරන විට රජය එයට උත්තර දෙන්න කල් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයගේ අයවැය කතාව නිර්මාණය කරන විට මේ ප්‍රශ්නවලට උත්තර තිබිය යුතු බවත් මේ වන විට පෙනි යන්නේ උත්තර නැතිව කතාව නිර්මාණය කිරිම හෝ රජය මේවාට උත්තර නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රජය නැවත වරක් විදුලි බිල 18%කින් වැඩි කරන්න යන බවත් මේ කරුණු මත පදනම්ව ජල බිල වැඩි වේ යැයි ප්‍රශ්න කරණ විට එය ජලවිදුලිය එක්ක ආණ්ඩුව පටලවා ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැතිවරණ වේදිකාවේ පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කරනවා කිව්වත් පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන බවත් විපක්ෂයට කිසිම කරුණක් අහන්න හෝ අනුමාන කරන්න අයිතියක් නොමැති බවට රජය කියන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු කරද්දි අයකළ යුත්තන්ගෙන් ඒ අයකිරිම් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර පාන මිල වැඩි කළ සාධාරණ වුවත් පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයන්ගේ ආහාර මිල වැඩි කිරිම අසාධාරණ බවත් පොඩි මිනිසාට බලපැම් නොකර සාධාරණයක් ඉටු කරණ ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම අද විදේශ ණය ගැන සාකච්ඡා කළාට රජයට විපක්ෂය අහන ප්‍රශ්නවලට උත්තර දිය නොහැකි බවත් එයට හේතුව දත්ත නොමැති කමද එසේ නොමැතිනම් නොදැනුවත් කමද කියා විමසන බවත් ලක්ෂ 220 ජනතාව අනාථ කර මංමුලා කිරීම ගැන කණගාටු වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බහුකාර්ය ක්⁣ෂේත්‍රයේ 4500ක් ස්ථිර කරන්න රජය ගත් පියවර ගැන සතුටු වන බවත් එමෙන්ම වනජීවි ක්⁣ෂේත්‍රා මාර්ගෝපදේශකයන් ලෙස 1000ක් පමණ සිටින බවත් වසර 15වැඩි කාලයක් දවසට රු 1000 වැටුපක් ලබන නිසා මේ අයත් ස්ථිර කරන⁣ ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here