සටහන – රුවන් නෙළුගොල්ල
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්වය හමුවේ ඉන්ධන ඉතාම අපරපරිස්සමින් යුතුව භාවිතා කරන්නැයි ජනතාවගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.
“ජනතාව කලබල වෙලා පහුගිය සතිය තුළ 09 වෙනිදා වෙනකොට ඩීසල් පාවිච්චි කරලා තියෙනවා මෙට්‍රික් ටොන් 59200ක්. ඔක්ටේන් 92 පෙට්‍රල් පාවිච්චි කරලා තියෙනවා 47500ක්. සාමාන්‍යයෙන් අපේ යන ඇවරේජ් එකට වඩා ගොඩක් උඩින් තමයි පහුගිය සතියේ අපේ ජනතාව පෙට්‍රල් ඩීසල් පාවිච්චි කළේ. ඒ කියන්නෙ ඇත්තටම ගත්තොත් මේ මාසෙ මැද්ද වෙනකල් යන්න තිබ්බ තෙල් ටික දැන් ආපහු තියෙන්නෙ ජනතාවගේ අතේ. එතකොට ඒකත් එක්ක අපිට පටන් ගද්දී තිබ්බ තෙල් ටික, ඒ කියන්නෙ අඩුවට ගෙනාපු තෙල් ටික දැන් ඉවරයි. දැන් අපිට පළවෙනිදා නැවක් ආවා, 07 වෙනිදා නැවක් ආවා, ඒ තෙල් තමයි දැන් අපිට දෙන්න වෙලා තියෙන්නෙ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ තෙල් අපි තහවුරු කරලා තිබුණා නම් ඇයි මිල වැඩිවුණේ කියලා. අපි තහවුරු කරලා තියෙන්නෙ ලෝක වෙළඳපොලේ ප්‍රීමියම් එකට. එතකොට මේක ගොඩබානකොට දවස් 5ක ලෝක වෙළඳපොලේ ඇවරේජ් එකට තමයි අපට ගෙවන්න වෙන්නෙ. එතකොට මේ දැන් නිකුත් කරන තෙල් අනිවාර්යයෙන්ම ගණන් වැඩියි. මිල වැඩිවෙන්නේ කවද්ද කියලා මාධ්‍යවේදීන් අහද්දී මම කිව්වේ සාමාන්‍ය ක්‍රමය අනුව මිල වැඩිවෙන්නේ මාසෙ මුල් දිනයේ. ඒක තමයි තියෙන ක්‍රමය. නමුත් යුද්ධය කියන්නෙ සාමාන්‍ය තත්වයක් නෙවෙයි. ඒක අසාමාන්‍ය තත්වයක්. තෙල් මිල මේ විදියට වැඩිවීම සාමාන්‍ය තත්වයක් නෙවෙයි අසාමාන්‍ය තත්වයක්. ඉතින් ඒ අසාමාන්‍ය තත්වයට ප්‍රායෝගිකව අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. මේක අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම මුහුණ දෙන එකක්.
අපිට ඊළඟට කියන්න තියෙන්නෙ, තෙල් සාමාන්‍යයෙන් 35000 – 40000 එක නැවක්. මේ 59000ක් කියන්නෙ නැව් එකහමාරකට – දෙකකට කිට්ටු වෙන ඩීසල් ප්‍රමාණයක් පහුගිය දවස් 9ක් ඇතුළත අපි පුච්චලා තියෙනවා. පෙට්‍රල් ගත්තොත් නැව් එකහමාරක් විතර පුච්චලා තියෙනවා. මේ පුච්චලා තියෙන්නෙ ඩොලර්. එතකොට මේක ඊළඟට බලපාන්නෙ ආර්ථිකයට. අපි දන්නෑ අපි කොතෙන්ට යනවාද, කොතෙන්ට බෝම්බයක් වැටෙනවාද, ඉරානයයි ඊශ්‍රායලයි දෙගොල්ලොම තෙල් සංචිතවලට ගහන්න පටන් අරන් තියෙනවා, පිරිපහදුවලට ගහන්න පටන් අරන් තියෙනවා. එතකොට මේ තෙල් සංචිත කොතනින් අවසන් වෙනවාද කියලා දන්නෑ. එතකොට වෙන රටවල් වගේම අපිත් සාමුහිකව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න එකතුවෙන්න ඕනෙ. එතකොට අනවශ්‍ය ගමන් බිමන් අඩුකරලා, අත්‍යාවශ්‍ය දේකට විතරක් තෙල් වියදම් කරලා … මොකද අපි දැන් මේ තෙල් මිල තියාගෙන, අඩුයි, අපිට දැන් මේ ඔක්කොම තියෙනවා කියලා, අපිට තෙල් සැපයුම අඩුවෙච්ච වෙලාවට, එහෙම නැත්නම් මේ තෙල් මිල මෙහෙමම ගියෝතින් අපිට රටක් හැටියට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඒකට මුහුණ දෙන්න බැරි තත්වයක් එනවා. ඒ හින්දා ජනතාවගෙන් ආයාචනා කරන්නෙ මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි ඉතාමත්ම දරුණු තත්වයක් අපිට ඇවිල්ලා තියෙන්නෙ. මේක සමනය වෙනකල් අපි සියලු දෙනා එකතුවෙලා අධිෂ්ඨානයෙන් තමන්ගෙ තෙල් අවම මට්ටමින් පරිභෝජනය කරමින් මේ තත්වයට මුහුන දෙමු කියන එක තමයි ආයාචනය කරන්න තියෙන්නෙ”
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

The post අනවශ්‍ය ගමන් අඩුකරන්න. අත්‍යාවශ්‍ය දේකට විතරක් තෙල් වැයකරන්න – තෙල් සභාපති ජනතාවට කියයි appeared first on LNW Sinhala.
Saru News















