අනතුරට ලක්වූ මිතුරන් බලන්න රෝහලට යමින් සිටි යහළුවාත් මාරක අනතුර

0
3

ගාල්ල, දඩල්ල, කනත්ත අසල මාර්ගයේ නවතා තිබු බස් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් අද (22) අලුයම සිදුවු අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගිංතොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා ගිංතොට සහ දඩල්ල යන ප්‍රදේශවල පදිංචි 18 හැවිරිදි වියේ පසුවන්නන් වන බව වාර්තා වේ.

මොවුන් තිදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, අද (22) අලුයම රත්ගම පිංතාලිය හන්දියේ දී අනතුරට ලක්වූ ඔවුන්ගේ මිතුරන් දෙදෙනා බැලීම සඳහා ගාල්ල ජාතික රෝහල වෙත පැමිණෙමින් සිටියදී බව වාර්තා වේ.

කෙසේවෙතත් එම අනතුරින්ද එක් තරුණයෙකු මියගොස් තිබුණි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here