අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නියමු ව්‍යාපෘතියක්

0
18


බැංකු කාඩ්පත් මගින් අධිවේගී මාර්ගවල ගෙවීම් කටයුතු සිදු කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරුවේදී ආරම්භ වුණා.

අද සිට දැනට භාවිත වන  ඕනෑම වලංගු කාඩ්පතක් මගින් කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලදී පමණක් ගෙවීමේ පහසුකම් සලසා තිබෙනවා.

ඒ සඳහා එක් මංතීරුවක් වෙන් කිරීමටයි අධිවේගී මාර්ග මෙහෙයුම් , නඩත්තු හා කළමනාකරණ ඒකකය කටයුතු යොදා තිබෙන්නේ.

ඉදිරියේදී සෑම අන්තර් හුවමාරුවකදීම කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි පරිදී පහසුකම් සලසන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අධිකාරියේ සභාපති ටී. පාස්කරම් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here