අධිවේගයේ ආසන පටි නීතිය කඩ කරන රියැදුරන් වැටලීම ඇරඹේ

0
12

අධිවේගී මාර්ග වල ආසන පටි නොපැළඳ රථවාහන පදවන හා රථවාහනවල ගමන් ගන්නා සියලු දෙනාට එරෙහිව දඩ පැනවීම ආරම්භ කළ බව පොලීසිය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා සඳහන් කළේ, එවැනි රියැදුරන් 18 දෙනෙකුට එරෙහිව ඊයේ දිනයේ දඩ පැනවූ බවයි.

මින් ඉදිරියට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here