අධිවේගයේ අතහැර ගිය නීතිවිරෝධී යැයි සැක කටයුතු සුපිරි මෝටර් රථයක් පොලි භාරයට – Saru News | සිංහල

0
10

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දී දොරගුළුලා අත්හැර දමා තිබූ සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් තිහගොඩ ‍පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

එහි ලියාපදිංචි අංකය අනුව සිදුකළ මූලික විමර්ශනවලදී එම ලියාපදිංචි අංකයටම රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට මෝටර් රථයක් තිබෙන බවත් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කළේය.

එම මෝටර් රථයේ සහ මෙම මෝටර්රථයේ ලියාපදිංචි අංකයන් සමාන වුවත්, එන්ජින් අංකය වෙනස් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම මෝටර් රථය මෙරුන් පැහැයෙන් යුක්ත වන අතර, රත්නපුර මෝටර් රථය සුදු පැහැයෙන් යුක්ත බවට තොරතුරු ලැබී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකරන ලද දැනුම්දීමකට අනුව අපරැක්ක අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (25) රාත්‍රියේ මෙම මෝටර් රථය සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලිසිය වෙත භාරදී ඇත.

අතහැර දමාතිබූ මෝටර් රථය තිහගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එහි දොරගුළු විවෘත කර සිදුකළ පරීක්ෂණවලදී ඉදිරිපස රියදුරු අසුනට යාබද අසුනේ  දිනපොතක් සහ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයකින් නමක් සඳහන් සහතික පත්‍රයක් හමු වී තිබේ.

එම දිනපොත තුළ තිබී හැඳුනුම්පතක ඡායා පිටපතක් අනුව සිදුකළ විමර්ශනවලදී පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමක් සහ ලිපිනයක් සඳහන්ව තිබූ බවත්, ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පොතුහැර පොලිසියට එම ලිපිනය සම්බන්ධයෙන් දැනුම්දී ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා අද පෙරවරුවේ නිවසින් පිටව ගොස් තිබූ බවය.

ඒ අනුව මෙම මෝටර් රථය පිළිබඳ සහ රත්නපුර මෝටර් රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා මෝටර් රථ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර නිත්‍යානුකූල මෝටර් රථය කුමක්ද යන්න සොයාගැනීමට නියමිතය.

එම මෝටර් රථය තුළ තිබූ ටිකට්පතින් එය දොඩංගොඩ පිවිසුමෙන් ඇතුළුවී මත්තල දෙසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here