පුත්තලම මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ඊයේ (28) විභාග වෙමින් පැවති නඩුවකට අදාළව පෙනී සිටි නීතිඥවරියක් සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සවුන්දුරුගොඩ විසින් එම නියෝගය ලබා දී තිබිණි.
අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම මෙන් ම, අධිකරණයට අපහාස කිරීම යන චෝදනා මත නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
Saru FM Media