අධික වියළි කොරල සහිත සමට සත්කාර

0
5

ඇතැමුන්ගේ සම උපතින්ම වියළියි. ඇතැමුන්ගේ සම වියළි වන්නේ නිසි සත්කාරයන් නොමැති බැවින්. සම අදික ලෙස වියලි වූ විට රැළි වැටීම, දීප්තියක් නොමැති වීම වැනි හේතුන් නිසා ඉතාමත්ම අවලස්සන පෙනුමක් හිමි වෙනවා. නමුත් එවැනි සමක් යථා තත්ත්වයට පත් කළ හැකියි. ඒ සඳහා දෛනිකව ප්‍රතිකාර කළ යුතු වීම විශේෂ වනවා.

ප්‍රතිකාර

  • ජලය නියමිත පරිදි පානය කිරීම.
  • නිවසේ සිඳ ගත් පොල්තෙල් ආලේප කරමින් ශරීරය සම්බාහනය කිරීම.
  • මෝර ගුලි පානය කිරීම.
  • නෑමෙන් පසු බොඩි ලෝෂන් එකක් ආලේප කිරීම.
  • සබන් භාවිතය අවම කිරීම.
  • දිනකට තුන් වරක්වත් තෙල් සහිත බොඩි ලෝෂන් ආලේප කිරීම.
  • ග්ලිසරින්, රෝස වතුර යනාදිය ගැල්වීම.
  • උණුසුම් ජලය භාවිතයෙන් වැළකීම.
  • විටමින් E ආහාර මගින්  හෝ වෛද්‍ය  නිර්දේශ මත ලබා ගැනීම.
  • නැවුම් පළතුරු,එළවළු වැඩිපුර ආහාරයට ගැනීම.
  • මානසික ඒකාග්‍රතාවය ගැන සැළකිලිමත් වීම.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here