267 වැනි නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දෙවැනි දිනයේ දී ද වතිකානයේ සිස්ටයින් දෙව් මැඳුරේ චිමිනියෙන් යළිත් කළු දුමාරයක් නිකුත් ව තිබෙනවා.
බීබීසී මාධ්‍ය සජීවී ව වාර්තා කරන පරිදි ඊයේ (07) දිනයේ දී ශාන්ත බැසිලිකාවේ විශේෂ දිව්‍ය පූජාවකින් අනතුරුව කාදිනල්වරුන් 133 දෙනා පස්වරු 04.30ට සිස්ටයින් දෙව් මැඳුර වෙත පෙළපාලියකින් ගමන් කෙරුණේ නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමේ රහස් ඡන්දය සඳහා යි.
නමුත් පැය දෙකහමාරකට ආසන්න කාලයක දී ඊයේ දිනයේ දී ද පාප් වහන්සේ නමක් තෝරාපත් කරගැනීමට අපොහොසත් වූ බවට දැක්වෙන සංකේතය සිස්ටයින් දෙව් මැඳුරෙන් නිකුත් වුණා.
නමුත් අද දිනයේ ද ශාන්ත බැසිලිකාවට රැස් ව සිටින බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියේ කවුළුවෙන් සුදු පැහැති දුමක් පිටවනු ඇති බවයි.
නමුත් අද දිනයේ දී ද නව පාප්වරයෙකු තෝර පත් කරගැනීමට කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයට නොහැකි ව තිබෙනවා.
ඒ අනුව හෙට (09) දිනයේදිත් යළිත් මෙම ඡන්දය පැවැත්වෙනු ඇති.
ඡන්ද 89ක් ලබාගැනීමට සමත් වන කාදිනල් 267 වැනි පාප් වහන්සේ ලෙස තේරීපත් වනු ඇති.
Saru FM Media