අද – හෙට සහ අනිද්දා බස් ධාවනය සාමාන්‍ය පරිදි

0
23


මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා .

එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, සාමාන්‍ය කාල සටහන යටතේ අද සහ හෙට බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි .

අනිද්දා දිනයේ සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කරනවා .

මේ අතර අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සඳහා එක්කරන බවයි .

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here