අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

0
18


මදුරු මර්දන විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරින් තීරණය කර තිබෙනවා.

ඒ ඩෙංගු සහ චිකුන්ගුන්යා අවදානම සැලකිල්ලට ගනිමින්.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ජගත් අමරසේකර මහතා පැවසුවේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි. 

Neth Sound · DR JAGATH 01

ඉදිරියේ අපේක්ෂිත වර්ෂා සහිත කාලගුණයත් සමඟ ඩෙංගු යළි හිස එසවීමේ අවධානමක් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

Neth Sound · DR JAGATH 02

මේ දිනවල ඩෙංගු රෝගයටත් වඩා වැඩි කතාබහක් මතුව ඇත්තේ චිකුන්ගුන්යා රෝගය පිළිබඳවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන විට වාර්තා වන රෝගීන්ට වඩා චිකුන්ගුන්යා රෝගය වැළඳුණු රෝගීන් බිම් මට්ටමේ සිටිය හැකි බවයි.

Neth Sound · PHI UPUL 01

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින බවයි සෞඛ්‍ය අංශය පසුගියදා අනාවරණ කළේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here