සටහන – රුවන් නෙළුගොල්ල
අද (23) උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටලු සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙසේ වැඩවර්ජනයක නිරත වන බවයි එම සංගමය සඳහන් කරන්නේ.
කෙසේවෙතත් මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
Saru News








