අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

0
11


අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

Neth Sound · MET ATHULA 01

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ වර්ෂාවත් සමග තද සුළං ඇති වීමේ සහ අකුණු ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

Neth Sound · MET ATHULA 02

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට අද දිනයේ මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here