අත් ඕනෑවට වඩා මහතට පෙනීම අපට විලාසිතා කරන්න,ලස්සනට අඳින්න බාධාවක්. ඒත් අත්වල මහත නොපෙනෙන විදියට විලාසිතා කරන්න අපිට පුලුවන්. ඒ කොහොමද කියලා ඔබට මේ ලිපියෙන් දැන ගන්න පුලුවන් වේවි.
මේ විදියට ඔබේ විලාසිතා සකස් කර ගැනීමෙන් අත්වල මහත පමණක් නෙවෙයි ඔබේ සිරුරේ මහත පවා අඩු කර පෙන්වනවා. ඔබට හැඩැති පෙනුමක් ලැබෙනවා.
කුඩා සිදුරු සහිත මේ රෙද්දෙන් ඔබේ බ්ලවුස් එකේ අත් සකස් කර ගන්න. කුඩා සිදුරු සහිත ඒ මෙටීරියල් එකටත් ඔබේ අත් වල මහත අඩු කර පෙන්වනවා.
අත මඳක් ඉහලට නවා හෝ බොත්තමක් ඇල්ලූ විලාසිතා ඔබට දඟකාර පෙනුමක් ලබා දේවි. අත්වල මහත ද අඩු කර පෙන්වනවා.
අත මහතට යෙදූ විලාසිතා වලින් ද ඔබේ අත්වල මහත ඉතා අඩු කර පෙන්වනවා.Scarf tops සහ Poncho tops ඔබට අඳින්න පුලුවන්.
ලේස් රෙද්දෙන් කරන විලාසිතාවලටත් ඔබේ සිරුරේ හැඩය මහත අඩු කර පෙන්වනවා.
වර්ණවත් රෙදි වලින් කරන ලද ජැකට් ඔබේ අත්වල මහත සඟවා පෙන්වනවා. ඒවා ද ඔබට ගැළපෙන විලාසිතාවක්. ක්‍රොප් ටොප් එකකට දිගු ජැකට් එකක් භාවිතා කිරීම ඔබට බොහොම අපූරු විලාසිතාවක් වෙයි.
ඒ වගේම ෂෝල් භාවිතා කිරීම,ඔබ අඳින ඇඳුම් වර්ණවත් මෝස්තර සහිත රෙදි වලින් නිම කර ගැනීමත් ඔබේ අත්වල මහත සඟවන්න හොඳ හේතුවක්.
තද පැහැයේ රෙදි වලින් කරන ලද ඇඳුම් ඇඳීමත් ඔබේ අත් වල මහත සඟවන විලාසිතාවක්.
V හැඩයේ කර සහිත ඇඳුම් ද ඔබේ අත්වල මහත අඩු කර පෙන්වන විලාසිතාවක්.
ඉහත ඡායාරූප වලින් ඔබට මේ ගැන හොඳ අදහසක් ලැබෙන්නට ඇති. ටිකක් චබී වීම විලාසිතා කරන්නට ලස්සනට ඉන්නට කිසිසේත්ම බාධාවක් නෙවෙයි.
ඒ නිසා ඔබ ගැන විශ්වාසයෙන් ලස්සනට ඉන්න.
Saru FM Media