අත්තම්මාගේ රහස්: හරි විදිහට ආහාර කල්තබා ගන්න මේ කරුණු දැනගන්න

0
13


කිසියම් ආහාරයක් සුලබ කාල වලදී, ඒ වගේම කිසියම් අතිරික්තයක් සහිත අවස්ථාවකදී කල්තබා ගැනීම මගින් ඒවා අපතේ නොයවා අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමට අපේ පැරැන්නන් ක්‍රියා කළා. නවීන මෙවලම් වලින් තොරව ඔවුන් ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් සිය කටයුතු සම්පාදනය කර ගත්තා. ඉතින් ආහාර කල්තබා ගැනීමේ රසායන වලින් තොරව ඔවුන් ආහාර කල් තබා ගත්තේ මෙහෙමයි.

  • කල්තබා ගැනීමට සාදන අච්චාරු, චට්නි, මෝජු වර්ග දමන විට භාජනයේ තෙත ගතිය නොතිබිය යුතුයි.
  • අච්චාරු වර්ග සකස් කිරීමේදී අබ, සුදුළුනු අඹරන විට කිසි විටකත් වතුර මුසු නොකළ යුතුය.
  • කල් තබා ගන්නා ආහාර වල තෙත් ගතිය ඉවත් කිරීමට මඳ වේලාවක් ගින්දරේ පිස ගැනීම කළ යුතුය.
  • බෝතල්වල ආහාර තැන්පත් කරන්නේ නම් පියන නොවසා පිසින්න. පියන වසා පිසූ විට පිටවන හුමාලය පියනේ එකතු වේ. පියන අරින විට එකතු වූ වතුර ආහාර වලට එකතු වීම නිසා නරක් වේ.
  • අච්චාරු, චට්නි, පැහි වලට විනාකිරි, සියඹලා, ගොරකා, අබ, සීනි, මිශ්‍ර කළවිට කල්තබා ගත හැකිය.
  • උම්බලකඩ, කරපිංචා, රම්පා, කරදමුංගු, සේර, කරාබු නැටි, උළුහාල් වැනි දේවල් යොදා ගත් විට ආහාරවල සුවඳ වැඩි වේ.
  • ආහාර ගැඹුරු තෙලේ බැදගත් විට වැඩි කාලයක් තබා ගත හැකිය. බැදගත් පසු තෙල් බේරෙන්න තබා ආහාරයට එකතු කරන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here