අග්නිදිග විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පාර්ලිමේන්තුවට

0
14


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව නිවැරැදි තොරතුරු මහජනයා වෙත සන්නිවේදනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අරඹන ලද විශේෂ මහජන සේවා වැඩසටහන් මාලාවෙහි තවත් පියවරක් පසුගියදා එනම් 2025 අප්‍රේල් 9 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

මෙහිදී, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම් නැරඹූ අතර, ඊට අමතරව ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධව මහජන සේවා අංශය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනකටද සම්බන්ධ වුණා.

එම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැදගත්කම, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාර්යභාරය , කාරක සභා ක්‍රමය පිළිබඳ අග්නිදිග විශ්වවිද්‍යාලයීය අචාර්ය මණ්ඩලය සහ විද්‍යාර්ථීන් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර පනත් කෙටුම්පත්කරණ ක්‍රියාවලිය සම්බන්ධව ද සුවිශේෂ අවධානයක් යොමු කෙරුණා.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතාගේ සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතාගේ උපදේශකත්වයෙන්, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) (සන්නිවේදන වැ.බ.) එම්. ජයලත් පෙරේරා මහතාගේ මාර්ගෝපදේශකත්වය යුතුවයි.

මේ සුවිශේෂී අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජාතික ඒකබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය සහභාගී වූ අතර මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු නිලධාරීන් වන එම්.එස්. එම්. සහීඩ්, යස්රි මොහොමඩ් සහ පියසිරි අමරසිංහ යන මහත්වරුන් විසින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here