අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවීම භයානකද ?

0
13


අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම ශාරීරිකව මෙන්ම මානසිකවත් බොහෝ කාන්තාවන් ව්‍යාකූලත්වයට පත් කරන කාරණාවක්.

කාන්තාවන් බොහෝවිට සිය ජීවිත කාලය තුළදී අඩුම වශයෙන් එක් වතාවකදීවත් අක්‍රමවත් ඔසප් චක්‍රයක අත්දැකීම විඳල තියෙනව.

ඔබත් එහෙම ඇති. සමහරවිට ඔබ දැනටත් ඒ අත්දැකීම විඳිමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ වගේම අනාගතයේ ඕනෑම දවසකදී ඔබට ඒ අත්දැකීමට මූණ පාන්න සිදුවෙන්නත් පුළුවන්. 

ඇත්තටම අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම ඔබ බිය විය යුතු කාරණාවක්ද ? 

ඒ ගැන කතා කරන්නයි අපේ අද මේ සූදානම

යම් කාන්තාවකගේ එක් මාසයක ඔසප් චක්‍රය අවසානයේ සිට ඊලඟ මාසයේ ඔසප් චක්‍රය ආරම්භය අතර දින ගණන දින 24 ට අඩුනම් හෝ දින 38 ට වැඩිනම් එය අක්‍රමවත් ඔසප් චක්‍රයක් ලෙස හඳුනා ගන්නව. 

වයස අවුරුදු 8 ත් 14 ත් අතර නව යොවුන් අවධියේ ගැහැණු දරුවන්ගේ, කිරි දෙන මව්වරුන්ගේ සහ අවුරුදු 40 ත් 58 ත් අතර ආර්තවහරණ අවධියේ සිටින කාන්තාවන්ගෙ මෙම තත්වය පැවතීම ඉතාම සාමාන්‍ය කාරණාවක් බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. 

නව යොවුන් අවධියේදී (අවුරුදු 8 – 14) විට ශරීරයේ විවිධ කැපී පෙනෙන වෙනස්කම් සිද්ධ වෙනව. ඒ සඳහා ශරීරයේ වසර ගණනක් යනතුරු තුළ විවිධ හෝමෝන වර්ග ක්‍රියාත්මක වෙනවා.

ඒ හෝමෝන වර්ග නිසා අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවීමේ ඉඩකඩ තියනව. 

කිරි දෙනමව්වරුන්ගේ සහ වැඩිහිටි කාන්තාවන්ගේ (අවුරුදු 40 – 58) තත්වයත් මෙයට ඉතා සමානයි. ඔවුන්ගේ ශරීරයේ එම කාලයන් වලදී නිපදවන හෝමෝන නිසා බොහෝවිට ඔසප් චක්‍රය විටින් විට නැවතීමේ අවස්ථා දකින්න පුළුවන්. 

උපත් පාලන පෙහි මඟින් ඔබේ ශරීරයට බාහිරින් හෝමෝන වර්ග එකතු කරනව. ඒ හෝමෝන වර්ග වල ක්‍රියාකාරීත්වය නිසත් ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. 

විශේෂයෙන්ම උපත් පාලන පෙති භාවිතය නතර කල විට නැවත ඔසප් චක්‍රය ආරම්භ වීමට සති දෙකක කාලයක් සහ ක්‍රමවත් වීමට මාස 3 ක පමණ කාලයක් ගත වෙන්නත් පුළුවන්.

මෙම තත්වයන් ඉතාම සාමාන්‍ය තත්වයන් වන අතර කාලයත් සමඟ අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් බවට පත්වීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. 

ඒ නිසා ඔබ ඒ ගැන බිය විය යුතු නෑ. 

මීට අමතරව සමහරවිට කාලගුණික හා දේශගුණික සාධක නිසාත් කෙටි කාලීන අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවීමේ අවධානමත් තිබෙනවා. 

නමුත් ඔබ ඉහත සඳහන් කල හේතු නැතුවත් ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම්, ඒ ගැන ඔබ වඩා සැළකිළිමත් විය යුතුයි.  

ඒ පහත සඳහන් ප්‍රතිකාර ගත යුතු සෞඛ්‍යමය ගැටළු ඔබට තියෙන්න පුළුවන් නිසයි. 

අධික ටෙස්ටොස්ටෙරෝන් මට්ටම නිසා ඩිම්භකෝෂ වල තරල පිරුණු කුඩා මලු වැනි ව්‍යුහ හට ගැනීම PCOS තත්වය ලෙස හඳුනා ගන්න පුළුවන්.

මේ නිසා කුරුලෑ හටගැනීම, ශරීරයේ බර වැඩිවීම, ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වැවීම ගර්භණී බවට පත්වීම හා ගර්භණී බව පවත්වා ගැනීමේ අපහසුවත් දකින්න ලැබෙනව.

ආහාර ගැනීමේ අක්‍රමික රටා නිසාත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවෙන්න පුලුවන්. 

මෙහිදී ආහාර ගත් විගසම වැසිකිළි යාමේ අවශ්‍යතාව ඇතිවීම, බඩගින්නක් නොමැති අවස්ථා වල පවා අධික ප්‍රමාණයක් ගැනීමට පෙළබීම, කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වලට වැඩි රුචියක් ඇතිවීම හා එකවර අධික ආහාර ප්‍රමාණයක් ආහාරයට ගෙන ඉන් පසු බොහෝ වේලාවක් නිරාහාරව සිටීමේ හානිකර පුරුදු ඇතිවීම දකින්න ලැබෙනවා.

සාමාන්‍යයෙන් ගර්භාෂය තුල වර්ධනය වන සෛල ඉන් පිටත වර්ධනය වීම නිසා මෙම තත්වය ඇතිවෙනවා.

රෝග ලක්ෂණ ලෙස, ගර්භණී බවට පත්වීමේ ගැටළු, ඔසප් වීම් දෙකක් අතර කාලයේදී සිදුවන ලේ පිටවීම, ඔසප් වීමේදී විශාල ලේ කැටි පිටවීම සහ අසාමාන්‍ය ලෙස ඔසප් කාලයේදී ලේ පිටවීමත් හඳුනා ගන්න පුළුවන්. 

තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන හෝමෝන මඟින් සරු කාලය සහ ඔසප් කාලය ඇත්වීමේ කාල පරාසය පාලනය කිරීම සිදු කරනවා. 

තයිරොයිඩ ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු වලදී නිපදවන මෙම හෝමෝන ප්‍රමාණවත් නොවීම හෝ අධික ලෙස නිපදවීමත් දකින්න ලැබෙනව. 

මේ නිසා ඔසප් කාලයේදී අධිකව හෝ අඩුවෙන් ලේ පිටවීම වගේම සමහර කාන්තාවන්ගේ සරු කාලය නැවතීමේ අවධානමකුත් තිබෙනවා. 

විශාදය හා මානසික පීඩනය, රුධිර පීඩනය වැඩිවීම, නිදාගැනීමේ අපහසුතා, අනවශ්‍ය ලෙස සිරුරේ බර අවුවීම සහ සමහර අවස්ථා වලදී සිරුරේ බර වැඩීමත් මෙහිදී දකින්න ලැබෙනවා. 

ඔබටත් අක්‍රමවත් මාසික ඔසප් චක්‍රයක් සමඟ ඉහත සඳහන් කල රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තවත් පමා කල යුතු නැති බව මතක් කරන්න අපි කැමතියි. 

අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ හැමවිටම ඔබ බිය විය යුතු කාරණාවක් නොවන බව දැන් ඔබට වටහා ගන්නට හැකිබව අපි විශ්වාස කරනවා. 

නමුත් ඔබේ සිරුර ගැන ඔබේ අවධානය සෑම විටම එක ලෙසම පවත්වා ගන්න, අවශ්‍ය අවස්ථා වලදී වෛද්‍ය උපදෙස් පතන්න වගේම සැහැල්ලුවෙන් සතුටින් පිරිසිදුව ඉන්නත් අමතක කරන්න එපා.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here