නිරෝගී කෙස් කලඹක් කියන්නෙ යුවතියකගේ රුව තවත් ඔප් නංවන සැරසිල්ලක් කියන්නත් පුලුවනි. මේ අලංකාර සැරසිල්ල අකලට සුදු වෙනව කියන්නෙ ඉතින් ලොකුම ලොකු හානියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
කොණ්ඩය ඉදෙන අයට කිහිප වතාවක් මෙම සත්කාරය හරියට කිරීම තුළින් සාර්තක ප්‍රතිපල ලබා ගන්න පුලුවනි..
මෙය කොණ්ඩයට දිය හැකි හොදම සත්කාරයක්. මෙය මාසිකව සිදු කරන්න පුලුවන්. ඒ වගේම වැසි දින වල, හවස් කාළයේ, අසනීප දින වල, පීනස ඇති අය, ගැබිණි මවු වරුන්ට සුදුසු වෙන්නේ නැහැ.
ලැබෙන ප්‍රතිලාභ මොනවා ද ???
- කෙස් ගස් වලට හොද පෝෂණයක් ලැබෙනවා.
- කෙස් ගහ ශක්තිමත් වෙනවා, හැලීම අඩු වෙනවා.
- අකලට හිසකෙස් ඉදෙන එක අඩු වෙනවා. සුදු කෙස් ගස් කලු කර ගන්නත් පුලුවන්
- දුර්වර්ණ හිසකෙස්, වියලි හිසකෙස්, අග පැලුනු හිස කෙස් වලට බෙහෙවින් ගුණයි..
මෙය ශාකසාර යොදාගෙන කරන සත්කාරයක් . මෙයින් කෙස් ගහ වටා කහට තරලයක් වගේ බැදෙනවා .ඉන් අපේ කෙස් ගස ආරක්ශිත වෙනවා.
අවශ්‍ය දේවල්:
- හෙනා පවුඩර් මේස හැදි කිහිපයක්
- ලෙමන් බිංදු කිහිපයක්
- 3/4 මේස හැදි යෝගට් හෝ මී කිරි
- පිරිසිදු පොල්තෙල්
- 2/3 විටමින් E කරලක්
- බිත්තර එකක්
- තේ කුඩු හෝ කෝපි කුඩු ස්වල්පයක් ( tea වලට එන්නෙ brown color එකක් / coffee වලට එන්නෙ black color එකක්)
- මේව මිශ්‍ර කර ඝනකම් මිශ්‍රනයක් එකක් සාදා ගන්න
- හිස් මුදුනෙන් පටන් ගෙන කොටසින් කොටසට ආලේප කරන්න එම කෙස් හිස් මුදුනේ රැදෙන සේ ඔතන්න, පසුව ශවර් කැප් එකක් ඔලුවට දමා පැය 2/3 තබා ශැම්පු දමා සෝදා කන්ඩිශනර් ආලේප කරන්න.
The post අකලට හිසකෙස් හැලීමට වගේම සුදු වීමටත් නිවසේදීම ප්‍රතිකාරයක් appeared first on SmartLady.
Saru FM Media