WPC හෙරොයින් සමඟ අත්අඩංගුවට – Saru News | සිංහල

0
12

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ඊයේ (26) පස්වරුවේ මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 200ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ පොලිස් කොස්තාපල්වරිය විසින් මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ළඟ තබා ගත්තේද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඇය අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here