Work from home කාලෙ ඔෆිස් මීටින් වලට වාඩිවෙන්න සුදුසු ස්මාර්ට් outfit

0
18


විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට අලුත් වෙනවා වගේම ඒ ඒ තත්වයට අනුගත වන දෙයක්. ඒ වගේ මාතෘකාවක් තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තියනවා මාතෘකාවක් තමයි work from home outfit කියන්නේ. ලෝකය පුරා පැතිරෙන පැතිර යන වසංගත තත්වය නිසා අද බොහෝ දෙනෙක්ට නිවසේ සිට වැඩ කිරීමේ පහසුකම ආයතනය මගින් ලබා දීලා තියෙනවා. හැමදාම උදේට ලෑස්ති වෙලා හැඩ වැඩ වෙලා කාර්යාලයට ගිය අපිට මේක අමුතුම නුපුරුදු දෙයක් වෙලා තියෙනවා. අංගසම්පූර්ණ කාර්යාලය ඇඳුමත් ගෙදරට අඳින ඇඳුමුත් අතරමැද ඇඳුමක් ඔබ තෝරා ගන්න වෙනවා. එමඟින් ඔබට හැඟී යාවි ඔබ වැඩ කරමින් සිටින බවත් ඔබේ කාර්යක්ෂමතාවයක් වැඩි බවත්. ඒ වගේම අන්තිම මොහොතේ ඔබට සම්බන්ධ විය යුතු zoom meeting වලටත් චකිතයක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්. නිවසේ සිට කිරීමට ගැලපෙන පහසු විලාසිතා ගැන තමයි මේ කතාකරන්නේ.

ඔබේ ප්‍රියතම ජම්ප් සූට් එක රැකියාව සඳහා අදින්න පුලුවන් කාලයක් තමයි මේ. ඉතා සරල ජම්ප් සූට් එක zoom meeting එකකට ඉතාම හොඳ තේරිමක්. ඔබේ පෙනුම තවත් හැඩ කරන්න කැමති නම් ඔබට කාඩිගන් එකක් අඳින්නත් පුලුවන්.

ඉතාමත් වැදගත් සාකච්චාවකට එතුවන ඔබට පෙනුම ගොඩක් වැදගත් වෙනව. wfh උනත් වෘත්තීය ගෞරවය සහ නිවසේ සිටවැඩ කරන විට තියෙන සැහැල්ලු බවත් පෙන්වන්න ඕනි අවස්ථා එනවනේ . ඒ වගේ අවස්තාවකට ඉතාම සරල කපු හෝ පොප්ලින් ඉදිරිපස බොත්තම් යෙදූ ශර්ට් එකක් තෝරාගන්න පුලුවන්. තනි වර්ණයේ, ඉරි හෝ කොටු සහිත අත් දිග ශර්ට් ගැන තමයි අපි මේ කතා කරන්නේ. අවස්තාවට අනුව ඔබට ඉතා වරණවත් ශර්ට් එකක් තෝරාගන්නත් පුලුවන්.

අපි මේ කතා කරන්න යන්නේ අපි කවුරුත් කැමති t shirt ගැන නම් නෙමෙයි. ඔබ ඔබේ පෙනුම සහ ඔබේ වගකීම ගැන වද වෙන බව පෙනුමෙන්ම විදහා දක්වන පහසු ඇඳුම් ගැන.
Knit cardigan
Knit top
Ribbed cropped cardigan
Tie knit tunic
වගේ ඇඳුම් ඔබට අල්මාරියෙන් ගත්තු ගමන් අදින්න පුලුවන්. සුවපහසු වගෙම හොඳ පෙනුමකුත් දෙන නිසා ඔබ සෝෆාවක් මත වැතිරී ඉදලා දුවගෙන ඇවිත් zoom meeting එකට සම්බන්ද උනත් අනික් අය ඒ ගැන දැන ගන්න එකක් නෑ.

Zoom meeting එකක් අතර අනික් අයගේ ඇස් ඔබ දෙසට හරවන වෙනස්ම ආකාරයේ තේරීමක් තමයි මේ. ප්‍රමානයෙන් පොඩ්ඩක් ලොකු turtle neck එකක් තෝරා ගත්තොත් දිගත් වැඩි වෙයි. ඉදිරිපසින් පොඩ්ඩක් යට කරල ලස්සන ෆොටෝ එකක් ගන්නත් අමතක කරන්න එපා.

නිවසේ සිට වැඩ කරන නිසා සැහැල්ලු බවත් ලිහිල් බවත් සහිත මේ peplum top කාර්‍යාලීය රැස්වීමකටත් ගැලපෙන නවීන පෙනුමක් තියනවා.

සුසිනිදු නිමාවක් සහිත මේ කලිසම් ඔබට පුටුවක හිඳ, ඇඳක් මත හිඳ, සෝෆාවක වැතිර වැඩ කරන්න තරම් සුවපහසු වෙනවා. zoom මීටිමේදී පිටතට පෙනුනේ නැතත් ඔබ හැඩට අදින උඩුකය ඇඳුම සමඟ ගැලපෙන නිමාවක් සහිත කලිසමක් ඇන්දොත් ඔබ අංගසම්පූර්ණ බව ඔබටම හැඟේවි. හුරුපුරුදු ඇඟට ඇලුනු කලිසම් වෙනුවට wide leg ජීන්ස් නිවසේ සිට වැඩ කිරීමට ඔබට පහසුවක් වෙයි.

වර්ණවත් ටොප් එකකට ගැලපෙන තේරීමක් තමයි මේ girlfriend jeans කියන්නේ. හොඳ ඇදෙනසුලු බවක් තියෙන මේ කලිසම් වර්ගය සැහැල්ලුවෙන් අඳින්න පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here