Wedding එකකට අඳින්න සුදුසු ගවුම්

0
13


ආරාධිත අමුත්තෙක් ලෙස විවාහ මංගල්‍යයකට සහභාගීවීමට ආරාධනාවක් ලැබුණහොත් ඕනෑම කාන්තාවකට නැගෙන පළමු ප්‍රශ්නයවනුයේ එම උත්වය ඇඳගෙන යන්නේ කුමක්ද යන්නයි. බොහෝ කාන්තාවන් මෙවැනි අවස්ථාවන් සඳහා සාරි ඇඳීමට පුරුදුව සිටියද විකල්ප විලාසිතා සඳහා  වර්තමානයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ අතුරින් ගවුම් සඳහා විශේෂ තැනක් ලැබෙනවා. බලන්න මෙවැනි ගවුමක් ඔබටත් ගැලපෙයිද කියලා-

unnamed

මෙම ලේස් ගවුම නිල් පැහැ lining එකකින්ද අලංකාර කොළපැහැති ලේස් overlay එකින්ද නිර්මාණය කරතිබෙනවා. සියුමැලි, අලංකාර මෙම ගවුම දිග අත් ඇති නිසා කාලගුණය ටිකක් සිසිල් අවස්ථාවක දී වඩාත් උපයෝගීවනු ඇත.

unnamed (1)

ලස්සන මල් මෝස්තරයකින් යුතු navy blue වර්ණයේ organza සහ ලේස් ගවුම චාම්, සුන්දර, වැදගත් පෙනුමක් ලබාදෙයි. සිරුරේ හැඩයටම නිමවා ඇති නිසා ගවුම වඩාත් කැපීපෙනේ.

unnamed (2)

Midi length (දණහිස තෙක් දිගු) ගවුම් මේ දිනවල ප්‍රචලිත විලාසිතාවක්.  Halter හැඩයෙන් යුත් කර වඩාත් තරුණ පෙනුමක් ගෙනදෙන අතර විසිතුරු උඩ කොටස සහ චාම් සායත් නිසා ගවුම වඩාත් ලස්සනයි.

unnamed (3)

කළු සහ රන් වර්ණ සුසංයෝගය මෙන්ම අසමපාතික වාටියක් ඇති සාය ගවුමට එක්කරන්නේ වැඩි අලංකාරයක්. රැළි කල ඉන සහ එහි ඇති ඉනපටිය සිරුරේ හැඩය මනාව පෙන්නුම් කරයි.

unnamed

මේ සුන්දර ගවුම රන් පැහැති ලේමේ (lamé)  රෙද්දකින් නිමවා ඇති අතර ඉණ එක පැත්තකින් සියුම් ලෙස ruched /රැළි කල කොටස මඟින් වඩාත් හැඩැති පෙනුමක් ලබාදෙයි.

විවාහ මංගල උත්සවය පමණක නොව මෙවැනි ගවුම්, හෝටලයක පැවැත්වෙන වෙනත් ප්‍රිය සාදයන් සඳහාද ගැලපේ. නිසි අබරණ සහ පාවහන් සමඟ ගලපාගතහොත් ගවුමට වැඩි පෙනුමක් එකතුකරගත හැකියි.

– කල්හාරී –

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here