විටමින් K ලේ කැටි කැහෙන්න ඕනෙ වෙන බව පුංචි කාලේ ඉඳලම අපි අහලා තියෙනවා. ඒත් ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අපේ දැනුමේ ගබඩා වෙලා නැති වෙන්න පුළුවන්. විටමින් K මගින් රුධිර කැටි සෑදීම, අධික ලෙස රුධිරය වහනය වීම වළක්වනවා. විටමින් K අඩු මට්ටමක පැවතීමෙන් පාලනය කළ නොහැකි රුධිර ගැලීම ඇතිවීමේ අවදානමක් පවනතින බව කියවෙන අතරම වැඩිහිටියන් අතර නම් විටමින් K ඌනතාවය දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒත් මේ තත්ත්වය අලුත උපන් දරුවන් අතර බහුලයි.
අනෙක් විටමින් වගේ නෙවෙයි, මේ K විටමිනය ආහාර මගින් ලබාගන්නා විටමිනයක් ලෙස (dietary supplement) භාවිත වෙන්නේ නැහැ. විටමින් K කියන්නේ සංයෝග කාණ්ඩයක්. මෙහිදී වඩාත් වැදගත් වන්නේ විටමින් K1 හා K2. විටමින් K1 සමහර එළවළු හා කොළ පැහැති කොළවලින් ලබාගන්න පුළුවන්. විටමින් K2, මස්, චීස්, බිත්තර කෘත‍්‍රිම බැක්ටීරියා වලින්ලැබෙනවා. ඒ කොහොම වුණත් වෛද්‍ය උපදෙස් වලින් තොරව විටමින් K අඩංගු ද්‍රව්‍ය නොගත යුතුයි.
විටමින් K ප‍්‍රධාන වර්ග 3 කි.
අන්තක වල සිටිනා බැක්ටීරියා මගින් සාදයි. මෙම බැක්ටීරියා මගින් K1 – K2 බවටද පත් කරයි.
3. Menadione
මිනිසා විසින් සාදන රසායනික සංයෝග අඩංගු කෘතිම විටමින් K වේ. මෙය විටමින් K3 ලෙස හඳුන්වයි.
K1, K2 මේද ද්‍රාව්‍ය වන අතර අක්මාවේ හා ශරීරයේ මේද පටක වල ගබඩා වේ.
විටමින් K ඌනතාවය හේතුවෙන් බහුල නොවුනද පහත තත්ත්වවලදී ඌනතාවයන් ඇතිවීමේ අවදානමක් පවතී. මේ තත්ත්ව වලදී වෛද්‍ය නිර්දේෂය මත විටමින් K ලැබෙන වෙනත් ආහාර ද්‍රව්‍ය දිය යුතු වේ.
උදා: Crohn’s Disease, celiac disease
බොහෝ විට විටමින් K වල ක‍්‍රියාවට බලපෑම් ඇති කරයි. උදාහරණ ලෙස ප‍්‍රති අම්ලකර ඖෂධ, රුධිරයේ තුනී කරන ඖෂධ, ප‍්‍රතිජෛවක, Asprin, පිළිකා සඳහා දෙන ඖෂධ, අධික කොලෙස්ටරෝල් සඳහා ලබාදෙන ඖෂධ, අපස්මාරය සඳහා දෙන ඖෂධ ගැනීමේදී විටමින් K ඌනතාවයක් ඇති වීමේ හැකියාවක් ඇති. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුවේ.
විටමින් K අන්තර්ගත ආහාර
විටමින් K අන්තර්ගත පළතුරු
ප‍්‍රතිකාර ගත යුතු අතුරු ආබාධ
කලාතුරකින් ඇති වන ලක්‍ෂණ
මේවා ඇතිවන්නේ එන්නත් මගින් පමණි.
විටමින් K විවිධ ප්‍රෝටීන සෑදීම සඳහා දායක වේ. මෙම ප්‍රෝටීන රුධිර කැටි ගැසීම හා අස්ථි පරිවෘත්තියට උදව් වේ. prothrombin යනු විටමින් K dependant ප්‍රෝටීනයක් වන අතර සෘජුවම රුධිරයේ කැටි ගැසීමට බලපායි. Osteocalcin යන අනෙක් ප්‍රෝටීනය වන අතර එය නිෂ්පාදනයට විටමින් K අවශ්‍ය වේ. එමගින් අස්ථි පටක වල නිරෝගී බව ආරක්‍ෂා වේ.
විටමින් K මගින් තුවාල, සිරීම් හා ශල්‍යකර්ම කළ ස්ථානවල කැලලි සුව වීමට උදව් වේ. එසේම සමේ ඇදීම නිසා ඇති වන stretch marks, spider veins ආදිය සුව වීමට උදව් කරයි. තවද රුධිරයේ කැල්සියම් මට්ටම පාලනයටද උදව් වේ.
විටමින් K ඌනතාවයේ ලක්‍ෂණ
රුධිරයේ ඝනකම වළක්වන ප‍්‍රති කැටිකාරක ඖෂධයක් වන warfarin ගැනීමේදී විටමින් K අධික ආහාර නොගත යුතු වේ. මේවා සීමා කිරීමෙන් විටමින් K ඌනතාවයද ඇති වේ. warfarin මගින් අක්මාවේ විටමින් K, රුධිරය කැටි ගැසීම සඳහා භාවිතයට ගැනීමේ හැකියාව අඩු කරයි. මේ නිසා warfarin හා විටමින් K යනු එකිනෙකාට විරුද්ධව ක‍්‍රියා කරන ඖෂධ වර්ග දෙකකි. මෙයින් රුධිරය තුනී කරන අතර අනවශ්‍ය රුධිර කැටි ඇති වීම වළක්වයි.
රෝග විනිශ්චය පරීක්‍ෂණ
මෙමගන් රුධිරය කැටි ගැසීමට ගතවන කාලය පරීක්‍ෂා කරයි. කාලය දිගු නම් විටමින් K ඌනතාවයක් පවතින බව සැක කළ හැක.
විටමින් K3 ජලයේ දියවන විටමිනයක් වන අතර අධික ප‍්‍රමාණයක් ශරීර ගත වීමෙන් විෂ විය හැක. කුඩා දරුවන්ට hemolytic anemia ඇතිවීමට වීමට K3 හේතුවක් වුවද ප‍්‍රතිකාර කිරීමේදී කුඩා දරුවන්ට භාවිත නොකරයි.
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල
Saru FM Media