නිශ්මං රණසිංහ ,මාර්තු 07 කොළඹ LNW:
මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින , 2026 ආර්නෝල්ඩ් ක්ලැසික් ආම්ලිෆ්ටිං ශූරතාවලිය නියෝජනය කරමින් තරගවලියේ කිග්‍රෑම් 120 බර පංතියේ සවි එසැවීම් ඉසව්ව සඳහා සහභාගි වුණ ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක එහි රන් පදක්කම දිනා ගන්නට සමත් වුණා.කිලෝ ග්‍රෑම් 320 ක බරක් අවසාන වශයෙන් ඔසවා තමන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයද දැක්වීමට මෙහිදී පන්සිළුට හැකි වුණා.
මාර්තු 6-8 දක්වා ඔහියෝහි කොලොම්බස් හි ක්‍රියාත්මක මෙම සූරතාවලිය පැවත්වෙන ස්ථානය වන්නේ ග්‍රේටර් කොලොම්බස් සම්මේලන මධ්‍යස්ථානය යි.( Greater Columbus Convention Center) මෙවර තරගාවලියට කිලෝ ග්‍රෑම් 55 කාන්තා බර පංතියක්ද අලුතින් එක් කර තිබෙන අතර මේ සූරතාවලිය වෘත්තීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වඳින සූරතාවලියකි.


The post (VIDEO) රන්සිළු අමෙරිකාවේදී ශ්‍රී ලංකා නාමය රනින් බබලවයි.. appeared first on LNW Sinhala.
Saru News
















