Sunday, May 4, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් Update: 31 වන මහලින් පැන මියගියේ යූටියුබර් කෙනෙක්

Update: 31 වන මහලින් පැන මියගියේ යූටියුබර් කෙනෙක්

0
15


update-a-youtuber-died-after-jumping-from-the-31st-floor

කොළඹ ගාලුමුවදොර ප්‍රදේශයේ පිහිටි ITC රත්නදීප සුපිරි හෝටල් සංකීර්ණයේ 31 වැනි මහලින් පැන දිවි නසාගත් තරුණයෙකුගේ සිරුර ඊයේ (31) සොයාගනු ලැබූ අතර වයස අවුරුදු 29ක් වූ මෙම තරුණයා මහනුවර කුණ්ඩසාලේ පදිංචිව සිටි අසන්ත ධනංජය බණ්ඩාර නම් අවිවාහක තරුණයෙකි. ඔහු යූටියුබ් නාලිකාවක හිමිකරුවෙකු ලෙස ද කටයුතු කර ඇති අතර, එම නාලිකාවේ පරිශීලකයන් සංඛ්‍යාව ලක්ෂයක් ඉක්මවා ඇති බවද වාර්තා වේ.

පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම තරුණයා මාර්තු 30 වැනි දින රාත්‍රී 8.30ට පමණ එම හෝටල් සංකීර්ණයේ කාමරයක් ඔන්ලයින් ක්‍රමයට වෙන් කරවාගෙන ඇත. ඒ සඳහා ඔහු ඇමරිකානු ඩොලර් 117ක් (රුපියල් 35,000ක පමණ මුදලක්) ගෙවා ඇති බව තහවුරු වී තිබේ.
ඔහු 31 වැනි මහලේ 16 වන කාමරයේ නවාතැන් ගෙන සිට ඇත.
හෝටලයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී මාර්තු 31 වැනි දින රාත්‍රී 8.15ට පමණ පුද්ගලයෙකු 31 වැනි මහලින් පහළට වැටෙන අයුරු දැක්වෙන දර්ශන සටහන් වී ඇත. තරුණයාගේ සිරුර හෝටලයේ 4 වැනි මහලේ උද්‍යාන භූමිය අසල තිබී සොයාගෙන ඇති අතර, එය හෝටල් සේවකයෙකු විසින් ඊළඟ දින පෙරවරුවේ දැක පොලිසියට දැනුම් දී ඇත.
තරුණයාගේ මරණයට හේතුව ඔහු විසින් ලියන ලද බවට සැලකෙන ලිපියක් ඔහුගේ කලිසම් සාක්කුවේ මුදල් පසුම්බියේ තිබී සොයාගෙන ඇත. එම ලිපිය ඔහුගේ මවට ආමන්ත්‍රණය කරමින් ලියා ඇති අතර, එහි ඔහු පහත අයුරින් සඳහන් කර ඇත:
“”සමාවෙන්න මට අම්මේ … මට ගොඩක් මහන්සියි හැමදාම මං හිතින් විඳවනවා. දුක දරාගන්න අමාරුයි. ‍ගොඩක් දුර්වලයි මගේ හිත,අනේ මට සමාවෙන්න. මගේ මරණයට හේතුව depression. කිසිම සතුටක් මට දැනෙන්නෙ නෑ.
ලොකු පාලුවක් කිසිම හේතුවක් නැතිව දැනේනවා.යාලුවෝ හිටියත් පවුලේ අය හිටියත් ලොකු තනිකමක් දැනෙනවා. මට සමාවෙන්න.”

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ කොළඹ මධ්‍යම ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් ද සිද්ධි ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා උඩුමහලින් ඇද වැටුණාද, නැතහොත් හිතාමතාම පැන්නාද යන්න පිළිබඳව ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිති. කෙසේ වෙතත්, සොයාගත් ලිපිය අනුව ඔහු අවදානම් සහගත මානසික තත්ත්වයක සිට ඇති බව පැහැදිලි වේ.
මෙම සිදුවීම තරුණ ප්‍රජාව තුළ විශේෂයෙන් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් අතර කම්පනයක් ඇති කර ඇති අතර, මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව සමාජයීය අවධානය යොමු කිරීමටද හේතු වී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here