කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.
එම 13 දෙනාගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.
අද (11) අලුයම 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 75 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය සඳහන් කළේ.




Saru FM Media