Update – භූකම්පනයෙන් මියන්මාරයේ මිය ගිය ගණන 700ට ආසන්න වෙයි

0
8


ඊයේ (28) ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියන්මාරය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 700ට ආසන්න වී තිබෙනවා.

මියන්මාර හමුදා නායකයා පවසන්නේ මේ වනවිට පුද්ගලයින් 694 දෙනෙකු මියගොස් 1,670 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මරණ සංඛ්‍යාව තව දුටටත් ඉහළ ය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර භූමිකම්පාව සිදු වූ මියන්මාරයේ මැන්ඩලේ කලාපයේ පුද්ගලයින් 68 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි හමුදා ජුන්ටාව පවසන්නේ.

මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12:50ට පමණ ඇතිවූ මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන්ව තිබුණා.

මේ අතර මෙම භූකම්පනයේ ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ස චීනයට ද දැනී තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here