කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) අලුයම ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සිටින බවයි වාර්තා වුණේ.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය තවමත් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
අනතුර පත් බස් රථය තුළ තවත් පුද්ගලයින් සිරවී සිටින බවයි වාර්තා වුණේ.
ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.
කතරගම – කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
Saru FM Media