ඉන්දීය හමුදා විසින් ඉදිරි පැය 24- 36ක කාලයක් ඇතුළත හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමින් සිටින බවට විශ්වාසදායක බුද්ධි අංශවලින් වාර්තා වී ඇති බව පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතවුල්ලා ටරාර් නිවේදනය කර තිබෙනවා.
NDTV මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දියාව ඉදිරි පැය 24-36 තුළ ඉස්ලාමාබාද් නගරයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බවයි.
එවැනි ක්‍රියාමාර්ගයක් සිදු වුවහොත් මුළු කලාපයේම සහ ඉන් ඔබ්බට “ව්‍යසනකාරී” ප්‍රතිවිපාක පිළිබඳ ව පාකිස්තාන රජය ඉන්දියාවට අනතුරු අඟවා තිබෙනවා.
“පහල්ගම් සිද්ධියට සම්බන්ධ බවට පදනම් විරහිත සහ ගොතන ලද චෝදනා මුවාවෙන් ඉන්දියාව ඉදිරි පැය 24-36 තුළ පාකිස්තානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බවට පාකිස්තානයට විශ්වාසදායක බුද්ධි තොරතුරු තිබේ,” යනුවෙන් ටරාර් වැඩිදුරටත් සඳහන් කරනවා.
26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට රට සම්බන්ධයෙන් “පදනම් විරහිත සහ ගොතන ලද චෝදනා” මත පදනම්ව ප්‍රහාරයක් දියත් කිරීමට ඉන්දීය හමුදා සූදානම් වන බවයි ටරාර් මහතා කියා සිටියේ.
Saru FM Media