Update – නුවරඑළිය බස් අනතුරින් 23ක් රෝහලේ; විනෝද චාරිකාවක් ගිය පිරිසක් (ඡායාරූප)

0
6


නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රී කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.

නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති අතර ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03 ක් සහ කාන්තාවන් 20 දෙනෙකු තුවාල තිබෙනවා.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස් නැවත ආපසු යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරට ලක්වූවන් කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here