UPDATE:ගැරඬිඇල්ල ප්‍රපාතයට පෙරලුණු වෑන් රියේ කතුන් තිදෙනකු හා දරුවෙකුට අසාධ්‍යයයි

0
3


කොත්මලේ පොලිස් වසමේ නුවරඑළිය – මහනුවර මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ දී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් ඊයේ (14) පස්වරුවේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ පිරිසෙන් අසාධ්‍යය තත්ත්වයේ පසුවූවන් කිහිපදෙනෙකු මහනුවර හා පේරාදෙණිය රෝහල් වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබෙනවා.

මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු, කාන්තාවන් 10 දෙනෙකු හා ළමුන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වූයේ.

මෙම අනතුර ද පසුගියදා මගීන් 23 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට ආසන්නයේ දී සිදු ව තිබෙනවා.

තුවාලකරුවන් අතරින් කාන්තාවක් හා ළමුන් දෙදෙනෙකු කොත්මලේ රෝහලට හා සෙසු පිරිස ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කළ කාන්තාවන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත හා එක් දරුවෙකු පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම පිරිස රාජාංගණය ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගොස් සිට නැවත පැමිණෙමින් සිට ඇති බවට අනාවරණය වී ඇත්තේ.

කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here