නුදුරේ දී ම ඉන්දීය හමුදා පාකිස්තානය ආක්‍රමණය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් මහතා පවසනවා.
ඊයේ (29) රොයිටර්ස් පුවත් සේවය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවේ දී අසිෆ් මහතා කියා සිටියේ, පසුගිය සතියේ කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් දෙක අතර මේ වන විට දැඩි දේශපාලනික ආතතීන් උත්සන්න වී ඇති බවයි.
එබැවින් නුදුරේ දීම පාකිස්තාන නගර ඉන්දීය හමුදා ආක්‍රමණය කරනු ඇති බවට විශ්වාස කෙරෙන බව ද ආරක්ෂක අමාත්‍ය අසීෆ් මහතා කියා සිටියා.
ජම්මු – කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගෙන පාකිස්තානයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ අතර එහිදී 26 දෙනෙකු මියගියා.
ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර බහුතරයක් හින්දූන් බවයි වාර්තා වන්නේ.
පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය අසීෆ් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;
“අපි අපේ හමුදා ශක්තිමත් කර තිබෙනවා, මොකද ඒක ළඟදීම වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ තත්ත්වය තුළ උපායමාර්ගික තීරණ කිහිපයක් ගත යුතුයි, ඒ නිසා ඒ තීරණ අරගෙන තියෙනවා” යනුවෙන්.
Saru FM Media