Update:අධිකරණයට භාර වූ ටීචර් අම්මා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාට ම ඇප (වීඩියෝ)

0
5


තරුණයෙකුට අමානුෂික අන්දමින් පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාව මත සතියකට ආසන්න කාලයක් පොලිසියෙන් සැඟව සිට, අද (14) අධිකරණයට භාර වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාර පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය ඇප මත නිදහස් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මීට අමතරව මෙම සිදුවීමට පසුගිය සතියේ දී අත්අඩංගුවට ගත් සහ සැකකරුවන් ලෙස නම්කෙරුණු, හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා, ආයතන කළමනාකාරීවරයා සහ එම ආයතනයේ සේවය කරන තවත් තරුණයින් දෙදෙනකු ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.

මෙම සිදුවීමේ තෙවැනි විත්තිකාරිණිය වන හයේෂිකා ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් සියලු දෙනාටම ඇප ලබාදිය යුත්තේ සමීපතම ඥාතීන් පමණක් බවත්, සියලු දෙනාගේ ම ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත් අද දිනයේ එම ග්‍රාම සේවා සහතික රැගෙන නොආ බැවින් කඩිනමින් එම සහතික අධිකරණයට ඉදිරිපත් කරන බවත් විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here