TV දෙරණ 20 වැනි සංවත්සර පිරිත් සජ්ඣායනාව සහ දානමය පින්කම

0
2

අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන තේමාවෙන් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා දැනුමෙන් වින්දනයෙන් පෝෂණය කරන TV දෙරණ 20 වැනි සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබයි.

ඒ නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පින්කමක් කොළඹ පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාව සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මහ නාහිමි, අමරපුර මහ නිකායේ ශ්‍රී කල්‍යාණි වංශ පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක වලේබොඩ ගුණසිරි, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි වැඩම කළහ.

එමෙන්ම දිවයිනේ කීර්තිමත් විහාරස්ථාන රැසක නායක ස්වාමීන් වහන්සේ, ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ, විසි වසරක් පුරා දෙරණ හා සම්බන්ධව ආගමික වැඩසටහන්වලට සම්බන්ධ වූ විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ, විශ්වවිද්‍යාල රැසක ආචාර්ය මහාචාර්ය ස්වාමීන්වහන්සේ ඇතුළු කොළඹ විහාරස්ථාන රැසක නායක ස්වාමීන්වහන්සේ මෙම අවස්ථාවට වැඩම කළහ.

දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර, සම කළමනාර අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම යන මහත්ම මහත්මීන් මෙන්ම දෙරණ මාධ්‍ය ජාලයේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය හා දෙරණ කාර්ය මණ්ඩලය ද දානමය පින්කමට සහභාගි වූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here