අවුරුදු 18 වැඩි සියල්ලන්ම 2024 වසරේ පෙබරවාරි 1 වන දාට පෙර TIN අංකයක් ලබා ගත යුතු බව ඔබ අප සැවොම දැනටම දැනුවත්.
මෙම කාර්‍යය කරගැනීමට රජයේ වෙබ් අඩවියකට ගොස් Register වීමට අපට සිදුවෙනවා.
ඉතින් ඔබගේ පහසුව වෙනුවෙන් එය කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න අප සිතුවා.
පහත සඳහන් ගොනුවල ස්කෑන් පිටපත් සූදානම් කරගන්න
ජාතික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය
ස්තිර ලිපිනය – ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනයට වඩා වෙනස් නම් ඔබේ නමට නිකුත් කරන ලද ජල හෝ විදුලි බිල්පතක්/ස්තාවර දුරකතන බිල්පතක් හෝ ග්‍රාම සේවක සහතිකය
තනි පුද්ගල ව්‍යාපාර පවතී නම් ඒවාට අදාල සහතිකය
https://bit.ly/TINGOVSL හෝ https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
මේ ලින්ක් එකෙන් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිය හැක
Registration Type ( ලියාපදිංචි ආකාරය ) Drop Down Menu එකෙන් INDIVIDUAL LOCAL ( දෙශීය තනි පුද්ගල ) යන්න තෝරාගන්න.
එවිට පියවර 03හි පෙන්නා ඇති ආකාරයට මෙම Form එක ( පෝරමය ) වෙනස් වේ
මෙහිදී රතු තරු ලකුණින් සලකුණු කර ඇති ඒවා පමණක් පුරවන්න
Applicant reference No: NIC (ජාතික හැඳුනුම් පත්‍රය – ජා.හැ. පත්‍රය )
Full name of applicant (English): සම්පූර්ණ නම ඉංග්‍රීසියෙන්
Name with initials (English): < Select Value > ( ඔබට අදාළවන ආමන්ත්‍රණය උදා: Mr, Miss , MRs ) හා මුලකුරු සමඟ නම
Date of birth : උපන් දිනය ( කැලැන්ඩර අයිකනය එබූ විට එන මෙනුවෙන් දින තෙරීම කළ හැකිය)
Country of birth : උපන් රට
Gender : ස්ත්‍රී පුරුෂ බව
Preferred language : කැමති භාෂාව
Preferred mode of communication: ඔබව සම්බන්ධ කර ගැනීමට කැමති මාධ්‍යය ( Email – ඊ මේල් , Mail – තැපැල් , SMS – කෙටි පණිවුඩ )
Resident හා status Citizenship: ඔබ කිසිඳු දෙයක් කළ යුතු නැත.
Dual citizenship: ද්විත්ව පුරවැසි භාවය
Source of income : ආදායම් ලැබෙන ආකාර ( Business – ව්‍යාපාර , Employment – රැකියාවෙන්, Investment – ඉතිරි කිරීම් වලින්, Others – වෙනත් , වෙනත් ලෙස තෝරාගත් විට එය If others, please specify සඳහන් කළ යුතුය.
Profession : ඔබට අදාළ වෘත්තිය තෝරන්න. ( උදා: ඔබ ශිෂ්‍යයෙක් නම් , ඔබ රැකියාවක් නොමැතිව නිවසේ සිටින අයෙක් නම් Not Applicable තෝරන්න. Others තේරූ විට If others please specify එක යටතේ අදාළ වෘත්තිය සඳහන් කරන්න.)
Address (English) : ඔබේ ස්ථීර ලිපිනය සඳහන් කරන්න.
Province : පළාත තෝරන්න.
District : දිස්ත්‍රික්කය තෝරන්න.
Divisional secretariat : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෝරන්න.
Grama niladhari divisions : ග්‍රාම නිළධාරී වසම තෝරන්න.
Address : දැනට ජීවත් වන ස්ථානයේ ලිපිනය සඳහන් කරන්න.
Saru FM Media