TIN අංකය අවශ්‍ය නැති වාහන කාණ්ඩ ගැන අනාවරණයක්

0
14


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවාවන් සඳහා ඔෂභ අංකය අනිවාර්ය නොවන වාහන කාණ්ඩ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව යතුරු පැදි, ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර්, අත්ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ටේලර් සඳහා ටින් අංකය අනිවාර්යය වන්නේ නැහැ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් – පාලන, උදය කුමාර මහතා පැවසුවේ තමන් සතුව පවතින වාහනයක් වෙනත් පාර්ශවයකට පැවරීමේදී ද ටින් අංකය අනිවාර්ය නොවන බවයි.

Neth Sound · RMV UDAYA 01

ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ද ටින් අංකය ලබාදීම අනිවාර්යය වනවාද?

Neth Sound · RMV UDAYA 02

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා 2025 අප්‍රේල් මස 15 වන දින සිට ඔෂභ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here