TikTok සමාගම සඳහා අමෙරිකානු ආයෝජන ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්

0
7

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජිං පිං අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.

මෙම සංවාදයේදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවදානය යොමු වූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

චීනයට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති බව ද සඳහන් වේ.

ටික්ටොක් සමාගම සඳහා අමෙරිකානු ආයෝජන සිදු කිරීමට අදාළ ගනුදෙණුව පළිබඳ ඵලදායි එකඟතාවන්ට එළඹීමට හැකිවූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් චීන ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඒ පිළිබඳව පැහැදිළි කරුණු ඉදිරිපත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊට අමතරව චීනයට එරෙහිව පනවා ඇති අමෙරිකානු තීරුබදු පිළිබඳව ද මෙම දුරකථන සංවාදයේදී අවධානය යොමුව ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් පවසා ඇත්තේ ලබන වසරේ මුල භාගයේදී තමා චීනයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here