T-Shirt එකට ලේස්වලින් ලස්සන හඳක් එකතු කරමු

0
20


හැමදාම එකම විදිහෙ t-shirt දැකල එපාවෙලා නේද? අලුතෙන් ගත්ත හෝ පරණ t-shirtඑකට පොඩි වෙනසක් කරන්න ඕන කියල හිතනවා නම් මෙන්න පුංචි අදහසක්. මහන්න කරනත් නැති නිසා කිසි කරදරේකුත් නැහැ. t-shirt විතරක් නොවේ ඩෙනිම්ස්, සාය, හැට්ට වුවත් අලංකාර කරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

සාදන ආකාරය:

T-Shirt එක කණපිට හරවා මෝස්තරය තිබිය යුතු තැනට කලින් සකසාගත් ස්ටෙන්සිල් එක තබා එහි තබා සැකිල්ල ඇඳගන්න. නිවැරදි පිට හැරවූ විට පෙනෙන රූපය පිළිබඳව සැලකිලිමත්වන්න. ඇඳගත් හැඩය කපා ඉවත්කරගන්න. කපාගත් හැඩය වැසෙන සේ හතරැස් ලේස් කැබැල්ලක් කපාගන්න. රැළිනොවනසේ ලේස් කැබැල්ලේ ටේප් අලවාගන්න. එය T-Shirt එකේ කපාගත් කොටස මත අලවා නොඇකිලෙන සේ තබා අයන්කරගන්න. තෙතරෙදි කැබැල්ලක් තබා අයන්කරගැනීමෙන් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකියි.

රෙදි අලවන ඩබල් ටේප් වෙනුවට fabric glue භාවිතාකලහැකියි. හඳක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඔබට කැමති විදිහෙ රවුම්, හදවත් හෝ මල් ආදි වෙනස් හැඩයන් එකතුකරගෙන

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here