T 81 ගිනි අවියක් සමග බැකෝ සමන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

0
8

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තාගේ සමීපතම සගයෙකු ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ .බැකෝ සමන් මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින්නේය .

ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

සැකකරු සන්තකයේ තිබී T 81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමට සමාන ඇඳුමක් ද සොයාගෙන ඇත .

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here