T-56 ජීව උණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් අතුරුගිරිය පොලීසිය විසින් සොයාගනී

0
9


පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T-56 ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයා ගැනීමට අතුරුගිරිය පොලීසිය සමත් වී තිබෙනවා.

එම සැකකරු ඉකුත් 12 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුව, එම සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත, ඊයේ (17) දින මෙම ජීව උණ්ඩ සහ තියුණු ආයුධය සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සැකකරු වයස අවුරුදු 25ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here