T 20 ලොක කුසලනය – SL vs IRE තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක් – Saru News | සිංහල

0
3

2026 T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20කින් ජයග්‍රහණය ලැබීය.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 163ක් ලබාගත්තේය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 24ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් හා නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 143ක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 03ක්, වනිඳු හසරංග කඩුලු 03ක්, මතීෂ පතිරණ කඩුලු 02ක්, දුෂ්මන්ත චමීර හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වූහ.


48

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here