SRKගේ බිරිඳ ගෞරි ඛාන්ගේ වසරක ආදායම කොපමණද ඔබ දන්නවද ?

0
16


මම ගෘහ නිර්මාණ ශිල්පිනියක්, චිත්‍රපට නිෂ්පාදකවරියක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ විලාසිතා නිර්මාණ ශිල්පිනියක්”

තමන්ව එහෙම අඳුන්වල දෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. ගෞරි ඛාන්.

හඳකට පුලුවන් රාත්‍රී අහසෙ අන්ධකාරය මකල දාන්න.

හඳකට වගේ ලෝකෙටම එළියට දෙන්න බැරි උනත් දිළිසෙන පුංචි තාරකාවකට පුලුවන් තමන් වටේ තියෙන අන්ධකාරය මකන්න එහෙම නේද?

ඉතින් අපි අද කතාකරන්න යන්නේ ඒ වගේ තාරකාවක් ගැන.

ඒ ගෞරි ඛාන්. ඔව් මම ආය අමුතුවෙන් එයා කාගෙ කවුද කියල කියන්න උවමනා නෑ. මේ ලිපිය ලියන මම වගේම කියවන ඔයත් දන්නව කවුද මේ ගෞරි ඛාන් කියන්නේ කියල.

අපි එයාව දන්නේ ෂාරුක් ඛාන්ගේ බිරිඳ විදියට. තරු බිරිඳක් විදියට.

ඒත් ඔයා දැනගෙන හිටියද ගෞරි ඛාන් කියන්නෙ ඇය දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පිනියක්, චිත්‍රපට නිෂ්පාදකවරියක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් බව?

ඇයගේ ගමන සෑම කාන්තාවකටම වෘත්තියක් තිබිය යුතු ආකාරය ගැන කියල දෙන අපූරු, දීප්තිමත් උදාහරණයක්.

සෑම කාන්තාවකටම වෘත්තියක් තිබිය යුත්තේ ආර්ථික ස්වාධීනත්වය සඳහා පමණක්ම නෙවෙයි.  එය පුද්ගලික වර්ධනයට, ආත්ම විශ්වාසය ගොඩනගන්නට සහ අපිව ස්වාධීන පුද්ගලයෙක් විදියට ගොඩනගන්න හේතුවන මූලික කාරණාවලින් එකක් වන නිසා. ගෞරි ඛාන්ගෙ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම ආදර්ශය වෙන්නෙ ඒක.

හැමදේටම එයාගෙන් මෙයාගෙන් සල්ලි හම්බ කරන්න වෙන ලෝකෙක ඔයාගේ මුලික අවශ්‍යතා සපුරාගන්න වෙන කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්න ඕන වෙන්නෙ නැති ජීවිතයක් ගැන හිතන්න. ඒ සිතුවිල්ල ඇතුලෙම හැංගිල නැද්ද නිදහස කියන කාරණාව?

ඔයා මෙච්චර කාලයක් හෙව්වෙත් ඒ නිදහස නේද? “මම ආස දෙයක් ගන්න නෑ, මම ආස දෙයක් කන්න නෑ” කියල ඔයා දුක් උනේ ඒ නිදහස නැති නිසා කියල නිකමට හරි හිතිල තියෙනවද?

කාන්තාවන් දිගින් දිගටම බාධක බිඳ දමමින් තමන්ගෙම ගමනක් යන්න හිතන, කටයුතු කරන ලෝකෙක “ගැහැණියක් මූල්‍යම වශයෙන් ස්වාධීන විය යුතුයි” කියන්නෙ වචන වලට විතරක් සීමා වෙච්ච සිතුවිල්ලක් නෙවෙයි. ඒක Game Changing Topic එකක්.

මූල්‍යමය වශයෙන් ස්වාධීන ගැහැණියක් කියන්නෙ Game Changer කෙනෙක්.

“අනේ අයියා ආස නෑ මම ජොබ් එකක් කරනවට”

“එයා ඕනවටත් වඩා හම්බ කරනවනෙ අනේ ඒ නිසා මම ගෙදරට වෙලා ඉන්නවා”

“හස්බන්ඩ් හම්බ කරනවනෙ ඇති තරම්, ඔයා ඇයි ජොබ් එකක් කරන්නෙ?” කියල අහන මිනිස්සු, හිතන මිනිස්සු ඕනතරම් ඉන්න ලෝකෙක නිකන්ම නිකන් “ගැහැණියක්” නොවී “Game Changer” කෙනෙක් වෙන්න.

ඒ තරම් වටින වෙන Title එකක් තියෙනවද ගැහැණියකට මේ ලෝකෙ ලබන්න?

දරුවෙක් බිහි කිරීම කියන්නේ ශාරීරිකව ඉතාම වේදනාකාරී දෙයක් කියනවනෙ. ඒත් කාන්තාවක් එහෙමත් නැත්තම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන්, ඒ දරුවා වෙනුවෙන් තියෙන ආදරය, මාතෘ සෙනෙහස වෙනුවෙන් ඒ වේදනාව දරාගන්නවා. ඒ කැපකිරීම කරනවා. මුලු ලෝකෙම ඒ කැපවීම වේදනාව දරාගැනීම අගය කරනවා.

ඒත් “රස්සාවක් කරන එක ලේසි නෑ, ගෑණියෙක්ට කරන්න පුලුවන්ද රස්සාවක්, මහන්සි දැනෙනවා, උදේ යන එන එක එහෙම අමාරුයි” කියල ගෑණු කෙනෙක් රස්සාවක් කරන එක නතර කරවන්න මොනතරම් හේතු කාරණා මේ සමාජයෙන්ම බිහිවෙලා තියෙනවද?

අපි සමාජයෙන් මෙන්න මේ ප්‍රශ්නය ඕන තරම් අහල තියෙනවා.

“පිරිමින්ට වගේ හිතිච්ච හිතිච්ච දේ කරන්න නිදහසක් ගෑණුන්ට නැත්තෙ ඇයි?”

ඒත් කවදමහරි දවසක හිතල තියෙනවද ඒ අපි හොයන මේ නිදහස මූල්‍යමන නිදහස එක්ක බැඳිල තියන බව?

මොකද ඒ හම්බ කරන්න සල්ලි විතරක්ම නෙවෙයි. ඒ හම්බ කරන්න නිදහස, ආත්ම විශ්වාසය, සතුට, ආඩම්බරය සහ ස්වාධීනත්වය.

රැකියාවක් කිරීම කියන්නෙ සල්ලි හම්බ කරන එකම නෙවෙයි. ඒ රැකියාව එක්ක බැඳිච්ච ජීවිත අරමුණක්, Passion  එකක් ඔයාට තියෙන්න පුලුවන්. අමතක කරන්න එපා ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් කරන රිමෝට් එක තියෙන්න ඕන ඔයා අතේ. ඒ රිමෝට් එක ඔයා අතට ගන්න ඔයා Financially Stable වෙන්නම ඕන.

මොනතරම් දේවල් කිව්වත් අපිට අමතක කරන්න බැරිම දෙයක් තියෙනවනේ.

ඒ තමයි ජීවත් වෙන්න සල්ලි ඕන කියන එක. කන්න බොන්න, අඳින්න පළඳින්න, සන්තෝස වෙන්න කියන හැම කාරණාවකම බේස් එක විදියට සල්ලි තියෙනව.

ඒ අවශ්‍යතා ඉශ්ට කරගන්න හැම කෙනෙක්ගෙම අතේ සල්ලි තියෙන්න ඕන. කෙනෙක්ට පුලුවන් ඔයා වෙනුවෙන් වියදම් කරන්න, ඔයාගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරන්න.

ඒත් ඒ වෙනුවෙන් හිලව්වට ඔයාගේ ජීවිතේට, නිදහසට සහ ස්වාධීනත්වයට බැඳිච්ච රිමෝට් එක වෙන කෙනෙක් අතට දෙන්න වෙනවනම් ඒක එකපාරක් නෙවෙයි දහපාරක් විතර හිතන්න ඕන කාරණාවක් නේද?

සල්ලි හම්බ කරන එක ගැහැණියකට වටින්නෙ, වැදගත් වෙන්නෙ අන්න ඒ නිසා. කිසිම දවසක සල්ලිවලට ගන්න පුලුවන් ගැහැණියක් වෙන්න එපා. හොඳට සල්ලි හම්බ කරන, තමන් වෙනුවෙන් අරපිරිමැස්මෙන් වියදම් කරන්න පුලුවන් කම තියෙන ගැහැණියෙක් වෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here